සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 25 June 2017

Windows 10 has disabled third-party Anti-Virus

Windows 10 මෙහෙයුම් පද්ධතියේදී වෙනත් ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා කළ නොහැකි වන ලෙස මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කෙරෙන බවට මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා.
මෙය ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෙසින් දැක්විය හැකි අතර බොහොමයක් ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණය කරන ආයතන මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් සිටිනවා.
ඒ අනුව නුදුරු දිනයකදී Windows 10 මගින් වෙනත් තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා කිරීම නවතා දමා ඒ වෙනුවට Windows 10 හි ඇති Windows Defender ප්‍රතිවෛරස් මෘදුකාංගය භාවිතා කරන ලෙස දන්වනු ලැබේ.
Windows Defender යනු මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිර්මාණය කරන ප්‍රතිවෛරස් මෘදුකාංගය වන අතර දැනට සිදුකර ඇති අධ්‍යයනයන් වලින් මෙය Avast, AVG, BitDefender, BullGuard, F-Secure, Kaspersky, සහ  Trend Micro වැනි ප්‍රසිද්ධ ප්‍රතිවෛරස් මෘදුකාංග වලට වඩා අඩු කාර්‍යක්ෂමතාවක් පෙන්නුම් කරන අසාර්ථක මෘදුකාංගයක් බවට ඔප්පු වී තිබෙනවා.
කෙසේ නමුත් Windows Defender ප්‍රචලිත කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සදහන් කරන්නේ මෙම පියවර මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ලබාගත් බවයි.
ලෝකයේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී වාද විවාද ඇති වීමට ඉඩ ඇති අතර Kaspersky වැනි ප්‍රභල සමාගම් මේ පියවර වෙනුවෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇද්ද යන්න තවමත් ගැටළුවක්.
කෙසේ නමුත් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාල කිරීමක් කරහා මයික්‍රෝසොෆ්ට් සමාගමට මෙම තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය පහසුවෙන් නවතා දැමිය හැකි අතර ඉදිරි දිනයකදී අපටද එවැනි අවස්ථාවකට මුහුණදීමට සිදු උවහොත් එය එතරම් පුදුමයක් නොවේ.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive