සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 18 June 2017

Malicious “Antivirus” Apps are Everywhere

WannaCry සයිබර් ප්‍රහාරයෙන් පසුව බොහොමයක් ප්‍රතිවෛරස් මෘදුකාංග එවැනි ප්‍රහාරයන්ගෙන් ඔබගේ පරිඝණක සහ ජංගම උපාංග බේරාගන්නා බවට ප්‍රකාශ නිකුත් කළා.
කෙසේ නමුත් මෙයින් අනතුරුව නවතම ප්‍රතිවෛරස් මෘදුකාංග විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුළදී දැකගත හැකි වුණා. ඒවායින් බොහොමයක් ජංගම උපාංග වල ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රති වෛරස් මෘදුකාංග වන අතර
එම මෘදුකාංග වලින් බොහොමයක් වෛරස් පැතිරවීමට උපකාර වන ව්‍යාජ මෘදුකාංග බවට ගෙවුණ සතියේදී සොයා ගැනුනා.
මේ වන විට Google Play තුළ ප්‍රති වෛරස් මෘදුකාංග යැයි කියාගන්නා මෘදුකාංග පමණ 6295 පමණ තිඛෙන අතර ඉන් 80%කට වැඩි ප්‍රමාණයක් adware, trojans සහ වෙනත් malware වැනි වෛරසයන් ඛෙදාහැරීමේ යෙදී තිඛෙන බවට සොයාගෙන තිඛෙනවා.
ඒ නිසා ඔබ යම් ප්‍රති වෛර මෘදුකාංගයක් ඔබගේ උපාංග වලට භාවිතා කිරීමට සූදානම් වන්නේ නම්,
1. අදාළ වෙබ් අඩවියෙන් පමණක් භාගත කර ගැනීම වඩාත් ආරක්ෂාකාරී වේ.
2. අදාළ මෘදුකාංග වලින් ඉල්ලන permissions මොනවාද යන්න සොයා බැලීමත් ඉතාමත් වැදගත්.
3. අදාළ මෘදුකාංගය නිර්මාණය කරන්නේ ආයතනයකින් නම් අදාළ ආයතනයේ ඊමේල් ගිණුම් වැනි දත්ත පැවතිය යුතු අතර Yahoo සහ Gmail වැනි පොදු ඊමේල් සේවාවන් භාවිතා කර ඇතිනම් එය සැකකටයුතු තත්වයක්.
4. එසේම අදාළ ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් ලබාදී තිඛෙන තොරතුරු කියවා ලබන්න. ව්‍යාජ මෘදුකාංගයක් නම් අනිවාර්යයෙන් එහි ව්‍යාකරණ දෝෂ පැවතිය යුතුය.
5.VirusTotalවැනි වෙබ් අඩවි හරහා එම මෘදුකාංගය හදුනාගත් නිවැරදි මෘදුකාංගයක්ද යන්න සොයා බැලිය හැකිය.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive