සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 22 June 2017

Honda Hit by WannaCry- Operations at Japanese Plant Halted

ජාත්‍යන්තර වශයෙන් සිදුවූ රෑන්සම්වෙයාර් ප්‍රහාරයෙන් මාසයක පමණ කාලයක් ගෙවී ගොස් අවසානයි. සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂයණයක් වන යම් යම් දේ අමතක කිරීමේ ප්‍රථිඵලයක් ලෙසින් මෙම රෑන්සම්වෙයාර් ප්‍රහාරයත් බොහෝ දෙනෙකුට අමතක වුණා.
නමුත් රෑන්සම්වෙයාර් වෛරසයට පැතිරීමට අමතක වී නැහැ. අද දිනයේදී WannaCry රැන්සම්වෙයාර් ප්‍රහාරයට ප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණය කරන සමාගමක් වූ Honda සමාගම හසු වුණා. ජපානයේ එහි මූලස්ථානය සහ නිෂ්පාදන කටයුතු සිදු කරන ස්ථාන ගණනාවක පරිඝණක පද්ධති වලට WannaCry වෛරසයෙන් හානි වී ඇති බවට එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ටෝකියෝ නුවරින් කිලෝමීටර් 25කට වැඩි දුරකින් පිහිටා ඇති Sayama automobile assembly plant නම් වූ Honda සමාගමේ  නිෂ්පාදන ආයතනයකට මුලින්ම මෙම වෛරසයෙන් හානි වී ඇති බවට ඔවුන් පවසන අතර අනතුරුව ඊමේල් වැනි මාධ්‍යයන් හරහා Honda පරිඝණක ජාලය පුරාම පැතිවී ගොස් ඇති බව පෙනී යනවා.  මෙම නිෂ්පාදන අංශයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවාවක් වන රොයිටර් පුවත් සේවාව පවසනවා.
මේ අනුව ආසන්න වශයෙන් පරිඝණක ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයකට මෙම වෛරසයෙන් මේ වන විට හානි සිදුවී තිබෙනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive