සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 5 July 2017

Ukrainian Police Seize Servers of Software Firm Linked to NotPetya Cyberattack

Petya (NotPetya) නම් වූ ප්‍රභල ransomware ප්‍රහාරය එල්ල කිරීම සදහා භාවිතා කළ සර්වර් පරිඝණක සියල්ලම මේ වන විට හදුනාගෙන තිබෙනවා.
ඒවා පිහිටුවා ඇත්yතේ යුක්‍රේනයේ M.E.Doc නම් වූ මෘදුකාංග නිර්මාණය කරන සමාගමකයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී යුක්‍රේන පොලීසිය සහ Ukrainian anti-cybercrime unit විසින් මෙම සර්වර් පරිඝණක සියල්ලම ඔවුන්ගේ භාරයට ගනු ලැබුවා.
ඒවා පරීක්ෂා කිරීමේදී ඉදිරි දිනවලදී ලෝකය පුරා එල්ල කිරීමට සූදානම් කර තිබූ තවත් රෑන්සම්වෙයාර් වෛරසයන් 2ක් සොයාගෙන තිබෙන අතර ඒවා නම් කර ඇත්තේ ExPetr, PetrWrap ලෙසයි.
ප්‍රසිද්ධ ප්‍රතිවෛරස් නිර්මාණය කරන සමාගමක් වන ESET ආයතනය විසින් මෙම පරීක්ෂණ සිදු කර ඇති අතර මෙම මෘදුකාංග සමාගමේ සර්වර් පරිඝණක වල තිබූ දුර්වලතාවක් මගින් ඒවා හැක් කර ඒ හරහා මෙම ප්‍රභල රෑන්සම්වෙයාර් ප්‍රහාරය එල්ල කර ඇති බවට සොයා ගැනුනා.
ඒ අනුව M.E.Doc ආයතනය විසින් නිර්මාණය කළ මෘදුකාංග වල පවා මෙම වෛරසයන් අඩංගු විය හැකි බැවින් ඒවා බාවිතයෙන් වැලකී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.
යුක්‍රේනයේ අදහසට අනුව මෙම ප්‍රහාරය පසුපස රුසියාව සිටින බව ඔවුන් පවසනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive