සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 20 July 2017

Tor Launches Bug Bounty Program — Get Paid for Hacking!

දිනෙන් දින වැඩි වන සයිබර් ප්‍රහාරයන් හමුවේ ලෝකයේ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිනවා.
මෙතක් වැඩි වශයෙන් කථාබහට ලක් නොවූ අන්තර්ජාලයේ සැගවී ඇති කොටස හෙවත් dark web එක ගැන පවා කථා කිරීමට පෙළබුනේ dark webහි ගනුදෙනු සිදු කරන ප්‍රධානතම ආයතනයක් වු Ethereum  ආයතනය මාසයක් තුළ පිට පිටම තුන් වතාවක් හැක් කර ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් සොරාගැනීමත් සමගයි.
විශේෂයෙන් dark web වලට පිවිසීමට භාවිතා කරන Tor බ්‍රවුසරයේ දුර්වලතා පවතීද යන්න සොයා බැලීම සදහා Tor Project ආයතනය විසින් "Bug Bounty" වැඩසටහනක් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළා.
"Bug Bounty" වැඩසටහනක් යනු යම් වෙබ් අඩවියක හෝ මෘදුකාංගයක පවතින දෝෂ විවිධ හැක් කිරීම් හරහා සොයාගෙන වාර්ථා කරන්නන්ට මුදල් ත්‍යාගයන් ලබාදෙන ක්‍රියාවලියක්. ලෝකයේ ප්‍රමුඛතම සමාගම් සියල්ලම පාහේ මෙවැනි "Bug Bounty" වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒවායින් අති සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව එම සමාගම් සිය වාර්ථාවන් වල පෙන්වා දෙන්වා.
විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම විවිධ රාජ්‍ය ආයතන පවා මෙවැනි "Bug Bounty" වැඩසටහන් සිදු කරනවා.
ඔබත් හැකි කිරීමේ ප්‍රවීණයෙක් නම් Tor බ්‍රවුසරයේ දුර්වලතා  සොයාදි මුදල් ත්‍යාග දිනා ගැනීමේ හැකියාව පවතිනවා.
එක් දුර්වලතාවක් සොයා ගැනීම වෙනුවෙන් ඩොලර් 4000ක් (ආසන්න වශයෙන් රුපියල් 614080)ලබාදීමට ඔවුන් සූදානම් අතර Tor Project ආයතනය ලාබ නොලබන ආයතනයක් වන බැවින් විවිධ පාර්ශවයන් මෙම මුදල් ලබාදීමට එකග වී ඇති බවද වාර්ථා වෙනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive