සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 8 August 2017

Venezuela websites suffer major cyberattack

වෙනිසියුලා රජයට අයත් වෙබ් අඩවි රැසකට අද :8- සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල විය. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබේ.
‘ද බයිනරි ගාඩියන්ස්’ යනුවෙන් හැඳින්වෙන කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉරිදා දිනයේදී වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කරන ලද සන්නද්ධ කණ්ඩායමට සහාය
දක්වන බව සඳහන් කරමින් පණිවිඩ ද නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන අතරවාරයේදී ජනාධිපති මදුරෝ මහතා ට සහාය දක්වන පිරිස් ද වෙනිසියුලාවේ අගනුවර වෙත පැමිණ තිබේ.
 විපක්ෂ කණ්ඩායම් පවත්වන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ද ජනාධිපති මදුරෝ මහතාගේ ආධාරකරුවෝ ප්‍රකාශ කරති
වෙනිසියුලාව මේ වනවිට දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
 බලයේ සිටීමට ඇති අවශ්‍යතාව නිසා ආණ්ඩුව උවමනාවෙන් ම ආර්ථිකය කඩා වැටීමට සලස්වා ඇතැයි විපක්ෂය චෝදනා කරයි.වෙනිසියුලාවේ ප්‍රධාන රාජ්‍යය වෙබ් අඩවියල ජාතික මැතිවරණ
 කවුන්සිලයේ වෙබ් අඩවිය සහ වෙනිසියුලා නාවික හමුදාවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර වේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive