සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 31 March 2017

Samsung Galaxy S8's Facial Unlocking Feature Can Be Fooled With A Photo

ජංගම දුරකථන ලෝකය තප්පරයෙන් තප්පරය වෙනස් වන්නේ නවීන අංගෝපාංගයෙන්ගෙන් සමන්විත වන ජංගම දුරකථන මාදිලි වැල නොකැඩී එළි දක්වන නිසයි. විවිධ නිෂ්පාදන නාමයන් සහිතව එළි දක්වන මෙම ජංගම දුරකථන වල බොහෝ දුරට බල ගැන්වෙන මෙහෙයුම් පද්ධතිය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි.
ජංගම දුරකථන ලෝකයේ තරගකාරීත්වයක් ඇති ජංගම දුරකථන සමාගම් කීපයක්ම පවතී. ඒ අතරින් සැම්සන්, ඇපල්, නොකියා සේම වර්ථමානයේ ඕපෝ වැනි මාදිලිද තරගකාරී ස්වභාවයෙන් නවීන ජංගම දුරකථන නිපදවයි.
පරිගණක ලෝකයට මෙන්ම ජංගම දුරකථන ලෝකයට දත්ත සොරාගැනීම එක හා සමානවම බලපාන කරුණක්. ඒ වගේම මෙම මාධ්‍යයන් දෙකෙහිම දත්ත සොරාගත හැකි දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් පවතිනවා.
ඊයේ දිනයේදී සැම්සන් සමාගම සිය නවීනතම ජංගම දුරකථන මාදිලි වූ Galaxy S8 සහ Galaxy S8 Plus වෙළදපොලට නිකුත් කළා. ඇමෙරිකාවේ නිවුයෝක් නගරයේදී  මෙම දුරකථන මාදිලි දෙක එළිදැක්වුණ අතර ඉන් දිනකට පසු එනම් අද දිනයේදී  මෙම Galaxy S8 සහ Galaxy S8 Plus දුරකථන මාදිලි වල ඇති Facial Recognition පහසුකම ඉතාමත් පහසුවෙන් බිද දැමිය හැකි බවට සොයා ගැනුනා.
Facial Recognition යනු භාවිතා කරන්නාගේ මුහුණ හදුනා ගැනීම මගින් දුරකථනයේ ආරක්ෂිත අගුළු ඇරදීමයි. මෙම ආරක්ෂිත අගුළු අයිතිකරු නොමැතිව ඔහුගේ ජායාරූපයක් පමණක් තිබේනම් දුරකථනය විසින් එය අයිතුකරු යැයි හදුනාගෙන ආරක්ෂිත අගුළු ඇර දෙන බවට හැකර්වරයෙකු විසින් වීඩියෝවක් නිකුත් කරමින් හෙළි කළා.
ඒ අනුව ඉතාමත් ආරක්ෂිත ජංගම දුරකථනයක් බවට හදුන්වාදෙමින් ක්‍රියාත්මක වුණ  Galaxy S8 සහ Galaxy S8 Plus වෙළදාම එක් දිනකින් බිදවැටීමේ අවධානමක් මතුවී තිබෙනවා.
මෙම සටහන තබන මොහොත වන විටත් මේ වෙනුවෙන් සැම්සන් සමාගම හෝ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ වගකිවයුතු පුද්ගලයෙක් අදහස් දක්වා තිබුණේ නැහැ.


bout the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive