සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 28 March 2017

Apple iOS 10.3 Fixes Safari Flaw Used in JavaScript-based Ransomware Campaign

මුල් කාලීනව ලෝකයේ සිය අධිපත්‍ය පතුරවාගෙන සිටියේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියයි. අනතුරුව විවිධ මෙහෙයුම් පද්ධති ලෝකයට ඉදිරිපත් වුවත් වැඩි ස්ථාවරත්වයක් ඇතිව මයික්‍රොසොෆ්ට් සමග තරග කළේ ඇපල් මෙහෙයුම් පද්ධතියයි.
පසුව ජංගම දුරකථන වලටද සිය ආධිපත්‍ය පතුරවන් වඩාත් ආරක්ෂිත ජංගම දුරකථනයක් ලෙසින් ඇපල් ජංගම දුරකථනය පසුගිය වසර කීපය පුරාම ලෝකයේ මහත් පෙරළියක් සිදු කළා.
නමුත් කාලයත් සමග විවිධ දුර්වලතාවන් මෙම ඇපල් මෙහෙයුම් පද්ධතියේ සහ ජංගම දුරකථන වල මතුවීම හේතුවෙන් මේ වන විට ආරක්ෂිත යැයි කියාගන්නා ඇපල් මෘදුකාංග සහ දෘඩාංගද මයික්‍රොසොෆ්ට් සේම අනාරක්ෂිත වෙමින් පවතිනවා.
රෑන්සම්වෙයාර් සමබ්න්ධයෙන් ඔබ දැනුවත් යැයි මම sසිතමි.මුදල් ඉල්ලමින් කරදරකාරීව හැසිරෙන පරිගණක වෛරස් කාණ්ඩයක් වන රෑන්සම්වෙයාර් මේ වන විට ලෝකයේ සෑම තැනකම වේගයෙන් පැතිරී යමින් මහත් විනාශයක් සිදු කරමින් සිටිනවා.
ඇපල් ජංගම දුරකථන වල  පවතින JavaScript හරහා ක්‍රියාත්මක වන දුර්වලතාවක් හරහා ඊයේ දිනයේදී රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල කළ හැකි බව සොයා ගැනුනා. එම දුර්වලතාව පැවතියේ Safari browser මෘදුකාංගයේයි. අද උදෑසන වන විට  ඇපල් සමාගම විසින් නව යාවත්කාල කිරීමක් නිකුත් කරමින් මෙම දුර්වලතාව මගහරවා ගැනීමට කටයුතු යොදා තිබෙන අතර iOS version 10.3 ලෙසින් එම යාවත්කාල වීම නිකුත්කර තිබෙනවා.
කෙසේ නමුත් ඇපල් ජංගම දුරකථන වල බ්‍රවුසරයේ රැදී ඇති වෙබ් අඩවි වල තොරතුරු සියල්ල මකා දමා එය භාවිතයට ගන්නා ලෙස ඇපල් සමාගම නිවේදනය කරනවා. Settings → Safari → Clear History and Website Data හරහා එය සිදු කරගත හැකියි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive