සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 1 March 2017

9 Popular Password Manager Apps Found Leaking Your Secrets

මුරපද...!
සෑම තැනකදීම ඉතාමත් වැදගත් කාර්‍යයක් ඉටු කරන දෙයක් ලෙසින් හදුන්වන්න පුළුවන්. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණික ලෝකයේදී අපගේ දත්ත ආරක්ෂා කර ගැනීම සදහා මෙම මුරපද මහගු සේවාවක් ඉෂ්ඨ කරන බව නම් පැහැදිලි කරුණක්.
මුරපද වල ඉතිහාසය ඉතාමත් ඈතට දිව යන්නක්. විශේෂයෙන් විවිධ රහස් කේත භාවිතයෙන් තොරතුරු හුවමාරුව ඊජිප්තු මෙන්ම මෙසපොටේමියානු යුග දක්වාත් දිව යනවා. කෙසේ නමුත් සෑම අවස්ථාවකදීම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් නම් මුරපදයක් භාවිතා කිරීම අනිවාර්‍ය දෙයක්. මේ හේතුව නිසාම කාර්‍ය බහුල ජීවිතයේදී ආසන්න වශයෙන් මුරපද 20ක් පමණ අපට මතකයේ තබා ගැනීමට සිදුවෙනවා.
ඔබගේ සමාජ ජාල අඩවි වල මුරපද, බැංකු ගිණුම් කාඩ්පත් වල ණයකාඩ් පත් වල සම මාර්ගගත වෙබ් අඩවි වල මුරපද, ඊමේල් ගිණුම් වල මුරපද ආදී වශයෙන් ගත් කළ එකිනෙකට වෙනස් මුරපද ගණනාවක්ම මතකයේ තබාගත යුතු වෙනවා.
අපගේ සාමාන්‍ය අත්දැකීම් අනුව මුරපද කීපයක් මතකයේ තබාගත හැකි වුවත් සංකීර්ණ මුරපද ගණනාවක් මතකයේ තබ ගැනීම තරමක් දුෂ්කර කටයුත්තක්. මේ හේතුවෙන් එවැනි සංකීර්ණ මුරපද කළමනාකරණය කර දීම සදහා ක්‍රියාත්මක වන Password Managers විශාල ප්‍රමාණයක් අද වන විට භාවිතයේ පවතිනවා.
භාවිතයේ පහසුව තකා එම මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ලෙසින් පවතින අවස්ථාද ඇති අතර ඒ හරහා පහසුවෙන් මුරපද සුරක්ෂිතව භාවිතා කළ හැකි බවයි පැවසෙන්නේ.
නමුත් මෙසේ මුරපද කළමනාකරණය කරන මෘදුකාංග 9ක ඉතාමත් අනාරක්ෂිත දෝෂ පවති බවට අද දිනයේදී හෙළි වුණා. එම මෘදුකාංග අතර පහත මෘදුකාංග පවතිනවා.
MyPasswords
1Password – Password Manager
LastPass Password Manager
Informaticore Password Manager
Keeper Password Manager
Dashlane Password Manager
F-Secure KEY Password Manager
Hide Pictures Keepsafe Vault
Avast Passwords

ඉතින් ඔබත් මෙම මෘදුකාංග භාවිතා කර ඔබගේ මුරපද කළමනාකරණය කරගන්නේ නම් ඔබ සිටින්නේත් අවධානම් තත්වයකයි. සෑම දෙයකම හොද පැත්තක් මෙන්ම නරක පැත්තක් පවතින බැවින් මුරපද කළමණාකරනය කර දුන්නද එම මෘදුකාංගයේ දෝෂ පවතින්නේ නම් ඔබ එම මෘදුකාංගය භාවිතයෙන් ඉවත් වීම ඉතාමත් කාලෝචිත තීරණයක්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive