සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 7 March 2017

WikiLeaks Exposed CIA's Hacking Tools And Capabilities Details

WikiLeaks කාලෙන් කාලයට විවිධ පුවත් මවන චරිතයක්. ලෝකයේ විවිධ ආයතන, රාජ්‍ය ත්‍රාන්ත්‍රික රහස් සේම විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු විවිධ මාර්ග හරහා ලබාගෙන ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් WikiLeaks ප්‍රසිද්ධයි.
යම් යම් අවස්ථාවන් වලදී මෙවැනි දත්ත වලින් ලෝකයාට වැඩදායක වුණ අවස්ථාවන්ද නැතිවා නොවේ. රාජ්‍ය රහස් සොරාගෙන වෙනත් රටවල් වලට විකිණීම සම්බන්ධයෙන් WikiLeaks  ට චෝදනා එල්ල වුණත් ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. panama papers සිද්ධියේදීත් වැඩි කාර්‍යභාරයක් සිදු කලේ WikiLeaks විසින් බවට සැකයක් නැහැ.
Year Zero ලෙසින් ආරම්භ කළ ඔහුගේ හෙළිදරව් කිරීම් වලදී මුලින්ම හෙළි කළේ ටොරන්ට් වෙබ් අඩවියක මුරපද 8761ක්. අනතුරුව මෙවැනි දත්ත විශාල වශයෙන් දිනපතාම ඔහු වීසින් මුදා හැරියා.
ඊයේ දිනයේදී ඔහු විසින් තවත් හෙළිදරවුවක් සිදු කළා.  ඒ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටා ඇති CIA's Center for Cyber Intelligence headquarter හි භාවිතා වන මෘදුකාංග සම්බන්ධවයි.  සයිබර් ආරක්ෂාව සහ දත්ත හැක් කිරීම සදහා භාවිතා වන මෙම මෘදුකාංග සම්බන්ධ සියළුම තොරතුරු ඔහු විසින් හෙළිදරව් කරනු ලැබුවා.
මෙම මෘදුකාංග වල පවතින Zero-Day Exploits කීපයක් හරහා WhatsApp, Signal, Telegram, Weibo, Confide, Cloackman වැනි ඕනෑම චැට් සේවාවක  encryption කැඩිය හැකි බවද පෙන්නුම් කළා. මෙය ඉතාමත් භයානක තත්වයක් ලෙසින් සැලකිය හැකි අතර  encrypt කළ ඕනෑම රහස්‍ය වාර්ථාවක් හෝ චැට් එකක් මේ හරහා decrypt කළ හැකියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive