සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 19 March 2017

1Password Will Give You $100,000 If You Can Crack Its Vault

මෘදුකාංග වලදී භාවිතා වන මුරපද විශාල ප්‍රමාණයක් මතකයේ තබා ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය මතක ශක්තියට තරමක් අපහසු බැවින් එවැනි මුරපද කළමණාකරනය කර දීම සදහා විශේෂයෙන් සැකසුන මෘදුකාංග විශේෂයක් ලෙසින් password management software හැදින්විය හැකියි.
ඒවායිනුත් වඩාත් සාර්ථක සහ භාවිතාකරන්නාගේ පහසුව තකා නිර්මාණය කළ විශේෂිත මෘදුකායක් ලෙසින් 1password හැදින්විය හැකියි. මෙය AgileBits ආයතනයේ නිර්මාණයක් වන අතර ඔවුන් විසින් සිය මෘදුකාංගයේ විශ්වාසනීයත්වය ඉතා ඉහලින් වර්ණනා කර bug bounty වැඩසටහනක් මේ සති අන්තයේදී ඉදිරිපත් කළා.
bug bounty වැඩසටහනක් යන්න කුමක්දැයි ඔබට අවබෝධයක් ඇති.  bug bounty වැඩසටහනක් යනු යම් වෙබ් අඩවියක හෝ මෘදුකාකාංගයක පවතින දෝෂ සොයාදීම සහ ඒ වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීමයි.
1password සිය bug bounty වැඩසටහන හරහා තම මෘදුකාංගයේ මුරපද බිද දමන්නෙකුට ඇමෙරිකානු ඩොලර් 100000ක් ලබාදෙන බවට නිවේදනය කළා.
මින් සති කීපයකට පෙර password management software විශාල ප්‍රමාණයක් අනාරක්ෂිත බව පෙන්වමින් හැකර්වරුන්  විසින් ඒවායේ මුරපද බිද දැමීන් සිදු කරනු ලැබුවා. වැනි වාතාවරණයක් තුළදි 1password මෙවැනි අභියෝගයක් එල්ල කිරීම එක් අතකින් සැබැවින්ම අභියෝගයක් වනු නොඅනුමානයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive