සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 19 March 2017

Anonymous Brazil Hacks Football Club for Hiring Goalkeeper

පාපන්දු ක්‍රීඩාව ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක්. විශාල වශයෙන් ඔට්ටු ඇල්ලීම් වැනි දේ හරහා ක්‍රීඩකයන් වැඩි ලංසුවකට අලෙවි වන ක්‍රීඩාවක් ලෙසින්ද පාපන්දු ක්‍රීඩාව ප්‍රසිද්ධයි. හැක් කිරීම් වලට ඉලක්ක වීම විවිධ අයුරින් සිදුවිය හැකි අතර ගෙවුණ සතියේදී ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක වෙබ් අඩවියක් හැක් කළා. මෙම හැක් කිරීම සිදු කරන ලද්දේ Anonymous හැකිං කණ්ඩායම විසිනුයි. Boa Esporte නම් වන පාපන්දු ක්‍රීඩා කණ්ඩායමට අයත් වූ මෙම වෙබ් අඩවිය හැක් කිරීමට විශේෂ හේතුවක් පවතිනවා. පාපන්දු කණ්ඩායමක පන්දු රකින්නෙකු වූ Bruno Fernandes das Dores de Souza (Bruno) විසින් සිය පෙම්වතියව කෘෘර ලෙසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මින් වසර 22කට පෙර සිරගත වන අතර ගෙවුණ සතියේදී ඔහු සිරෙන් නිදහස් වෙනවා. අනතුරුව හැක් වීමට ලක් වූ Boa Esporte පාපන්දු කණ්ඩායම විසින් ඉහත නම් සදහන් පුද්ගලයාව තම කණ්ඩායමේ පන්දු රකින්නා ලෙසින් සේවයට එක් කර ගන්නවා. මෙයට විරෝධය පෑමක් ලෙසින් මෙම හැක් කිරීම සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවියේ සටහනක්ද තබා තිබුණා. මෙසේ බලන කළ හැක් කිරීම් ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයකින් සිදුවිය හැකි බව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive