සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 9 March 2017

The Encrypted Messaging Apps Are Not So Safe And Its Not Their Fault

දත්ත සොරා ගැනීමේ අවධානම වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි සේවාවන් සහ මෘදුකාංග සිය මෘදුකාංග සංවර්ධන කටයුතු වලදී Encrypted ආකාරයෙන් දත්ත යැවීම සහ ලබා ගැනීම සිදු කළ හැකි ආකාරයෙන් නිර්මාණය කළා. විශේෂයෙන් දෙදෙනෙකු අතර සිදුවන සංවාද වලදී එම දත්ත සොර ගැනීමට ඇති අවස්ථාව වැඩි වූ නිසා Encrypted Messaging සේවාවන් ක්‍රියාත්මක කිරීමට අදාළ සමාගම් තීරණය කළා.
විශේෂයෙන් ෆේස්බුක් වැනි ප්‍රසිද්ධ වෙබ් සේවාවන් වලදී මෙම Encrypted Messaging ක්‍රියාවලියට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.
කෙසේ නමුත් මෙම Encrypted Messaging සේවාවන් පවා මේ වන විට අනාරක්ෂිත බව පෙනී යනවා. එයට හේතුව වූයේ ඊයේ දිනයේදී Wikileaks  විසින් ලොවට හෙළි කළ CIA ආයතනයේ හැකිං මෘදුකාංග අතර මෙම Encrypted Message නැවත කියව බැලිය හැකි තරමේ මෘදුකාංග ගණනාවක් පවතින බවයි.
මෙම සේවාවන් සපයන වෙබ් අඩවි සහ මෘදුකාංග වල zero-day vulnerabilities විශාල ප්‍රමාණයක් පවතින බවත් එම දුර්වලතාවන් හරහා ඉහත සදහන් කළ මෘදුකාංග ඇසුරින් හැකිං ප්‍රහාරයන් එල්ල කර Encrypted සංවාද පවා පහසුවෙන් බලාගත හැකි බවයි පැවසෙන්නේ.
විශේෂයෙන් Signal, Telegram, WhatsApp මෘදුකාංග වල මෙම zero-day vulnerabilities පවතින බව පවසන Wikileaks  මෙම මෘදුකාංග හරහ කෙතරම් රහස්‍ය දත්ත CIA ආයතනය විසින් සොරාගෙන ඇද්දැයි අනුමාන කළ නොහැකි බවද පවසනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive