සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 March 2017

Hacker Selling Over 1 Million Decrypted Gmail and Yahoo Passwords On Dark Web

දත්ත සොරා ගැනීම සහ විකිණීම සදහාම වෙන් වූ ස්ථානයක් තමයි dark web marketplace කියන්නේ. හැකර්වරුන්ගේ පාරාදීසයක් කියලා කිවුවොත් ඉතාමත් නිවැරදියි. කෙසේ නමුත් ලෝකයේ වැදගත් සේවාවන් හැක් කර dark web marketplace එක හරහා විකිණීම මෑතකදී ඉතාමත් ජනප්‍රිය ක්‍රියාවලියක් වුණා.
ගෙවුණ මාස කීපයේදී LinkedIn, Tumblr, MySpace, Last.FM, Yahoo!, VK.com වැනි සේවාවන් වල මුරපද ඇතුළුව වැදගත් දත්ත මිලියන ගණනින් හැක් කළා. සමහරක් දත්ත ඒ කාලයේදීම dark web එක හරහා විකුණා දැමූවත් Yahoo! වල දත්ත විකිණීමක් වාර්ථා වුණේ නැහැ.
නමුත් අවාසනාවකට ඊයේ දිනයේදී Yahoo! වලින් සොරාගත්  මිලියනයකට වැඩි  දත්ත සමග Gmail ගිණුම් තොරතුරු ඒ හා සමාන ප්‍රමාණයක් dark web එක හරහා අළෙවි කිරීම සිදුවුණා. එම දත්ත අතර usernames, emails, සහ plaintext passwords ඇතුළත් වුණා.
මෙම දත්ත විකිණිම සිදු කරන ලද්දේ SunTzu583 නමින් හදුන්වාගත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසිනුයි. මෙම දත්ත පහත ආකාරයෙන් මිළ කර තිබුණා.


100,000 Yahoo accounts for 0.0084 Bitcoins ($10.76).
145,000 Yahoo accounts for 0.0102 Bitcoins (USD 13.75).
500,000 Gmail accounts for 0.0219 Bitcoins ($28.24).
450,000 Gmail accounts for 0.0201 BTC (USD 25.76)

දත්ත වල ඉදිරිපත් කර ඇති වටිනාකම සම්බන්ධයෙන් ගැටළුවක් පැවතුණත් මෙය විකිණීමට ඉදිරිපත් කර සුළු මොහොතකින් දහස් ගණනක් වූ පාරිභෝගිකයන් dark web marketplace එක හරහා මේවා මිලදී ගෙන තිබුණා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive