සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 March 2017

Database of 1.4 Billion Records leaked from World’s Biggest Spam Networks

Spam ආකාරයේ ඊමේල් ලැබීම ඉතාමත් කරදරකාරී දෙයක්. දිනකට මෙවැනි Spam ඊමේල් බිලියන ගණනක් අන්තර්ජාලය හරහා ඊමේල් ගිණුම් වලට ලැබෙනවා. ඒ හරහා අන්තර්ජාලයේ තදබදයෙන් 61% ඇති කරවන බවයි පර්යේෂකයන් පවසන්නේ.
මෙවැනි කරදරකාරී Spam ඊමේල් එවීම සිදු කරන්නේ විවිධ සමාගම් හරහායි. ඔවුන් විසින් විවිධ සේවාවන් හා උපාංග අලෙවි කිරීමේ මුවාවෙන් මෙවැනි Spam ඊමේල් බිලියන ගණනක් දිනකට අන්තර්ජාලයට එක් කරනවා.
බොහොමයක් ඊමේල් සේවාවන් හරහා Spam ඊමේල් පෙරා හැරීම සිදු කරනු ලබන අතර කෙතරම් පෙරා හැරියද නව ක්‍රමවේදයන් සොයාගෙන ඒවා හරහා Spam ඊමේල් එවීම දිනපතා සිදු වෙනවා.
කෙසේ නමුත් ඊයේ දිනයේදී ලෝකයේ විශාල වශයෙන් Spam ඊමේල් යැවීම සිදු කරන River City Media (RCM) නම් වූ ආයතනය හැක් කර එහි තිබූ දත්ත බිලියන 1.4ක් සොරාගෙන ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මෙහි අයිතිකරුවන් වන්නේ Matt Ferrisi සහ Alvin Slocombe නම් සුප්‍රකට Spam  ඊමේල් යැවීම් සිදු කරන පුද්ගලයින් දෙදෙනායි.
ලෝකයේ විවිධ සමාගම් වලින් නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් real names, IP addresses, සහ  physical address වැනි දේ මෙම තොරතුරු වල ඇතුළත් වන අතර අදාළ ඊමේල් ලිපිනය හිමි පුද්ගලයාගේ නම් ගම් ද සහිතව මෙම දත්ත ලබාගෙන තිබෙනවා.
ඔවුන් විසින් මෙම සම්පූර්ණ දත්ත ගබඩාවටම Spam ඊමේල් යැවීම සදහා ඩොලර් 36000 පමණ ලබාගෙන තිබෙන බවද සොයාගෙන තිබෙනවා.ඒ අනුව ඔවුන් ඩොලර් මිලියන ගණනන ගනුදෙනු මේ වන විට සිදුකොට ඇති බවයි පෙනී යන්නේ.
ඔබට ඔබගේ නිෂ්පාදනයක් ලෝකයට දැනගන්නට බිලියන 1.4ක් වූ ඊමේල් ප්‍රමාණයකට යැවීමට වැයවන්නේ ඩොලර් 36000ක් පමණයි. ඒ අනුව ඔවුන්ගේ ආදායම ඔබම ගණනය කරගන්න.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive