සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 March 2017

More Than 370K Accounts Linked To Terrorism Suspended By Twitter

යමක් ප්‍රචාරය කිරීමේ මාධ්‍යයන් මේ වන විට ඕනෑතරම් පවතිනවා. ඒ අතුරින් අන්තර්ජාලය විශේෂයි.වැඩි පිරිසක් ආකර්ෂණීයව එය භාවිතා කීරීම හේතුවෙන් අන්තර්ජාලයේ විවිධ සේවාවන් හරහා යම් යම් දේ ප්‍රචාරය කිරීම අද ජනප්‍රිය ක්‍රමවේදයක් වෙලා. 
මේ සටහන තැබුවේ එසේ ප්‍රචාරණය කරන දේ හොද හෝ නරක වුවත් එයට සීමාවක් නොමැති බව පෙන්නුම් කරන්නයි. ගෝලීය ත්‍රස්තවාදය පැතිරවීම සදහාද මෙසේ අන්තර්ජාල සේවාවන් භාවිතා කිරීම අද අසාමාන්‍ය ලෙසින් වර්ධන වෙමින් පවතින බව පෙනී යනවා. 
ත්‍රස්තවාදී කටයුතු අරමුණු කරගනිමින් නිර්මාණය කරගත් Twitter ගිණුම් 376890ක් ඊයේ දිනයේදී අක්‍රීය කරනු ලැබුවා. මෙය ත්‍රස්තවාදීන්ගේ යැයි හදුනාගෙන ඇති Twitter ගිණුම් ප්‍රමාණයෙන් සියයට 60ක් පමණ වන බව පැවසෙනවා. 
මින් පෙර අවස්ථාවකදීද මෙසේ Twitter ගිණුම්  විශාල ප්‍රමාණයක් අක්‍රීය කර දැමුවද නව ගිණුම් නිර්මාණය කිරීම හේතුවෙන් ගෝලීය ත්‍රස්තවාදී කණ්ඩායම් අතර රහස්‍ය ගණුදෙනු සදහා Twitter භාවිතා කිරීම වැඩි වී තිබෙන බවද මෙසේ වැඩිවීම හේතුවෙන් විවිධ රටවල් වලින් Twitter වෙත ගෝලීය ත්‍රස්තවාදයටවක්‍රාකාරව සහය දක්වන්නේ යැයි චෝදනා එල්ල වීම වැනි හේතු නිසා මෙසේ Twitter ගිණුම් වල නිරවද්‍යතාව සොයා බැලීම සිදු කර අක්‍රීය කර දමන බව පෙනී යනවා. 
කෙසේ නමුත් Twitter විසින් Twitter පරිශීලකයන්ගේ ගිණුම් වල තොරතුරු සොයා බැලීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් සිය අප්‍රසාදය ඵලකර තිබෙන අතර එයින් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා. නමුත් මාගේ පෞද්ගලික අදහස නම් මෙවැනි සමාජ ජාල සේවාවන් වල ගිණුම් වල ඇති නිරවද්‍යතාව මීටත් වඩා ළගින් පරීක්ෂා කර බැලිය යුතු බවයි. එවැනි ක්‍රියාවලියකදී දැන් සිදුවෙමින් පවතින සමාජ අකටයුතුකම් වල සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනු නොඅනුමානය. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive