සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 3 April 2017

Android Beats Windows to Become World's Most Popular Operating System

මෙම සටහන තැබීමට සුළු මොහොතකට පෙර මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය පරදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රිය භාවය ඉහළ නැංවුණා.
ඒ අනුව වසර 15කට ආසන්න කාලයක් අපරාජිතව තම ස්ථානය රැකගත් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වයට අභියෝගයක් වෙමින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය ඉහළ යාමක් පෙන්නුම් කළා.
මෙය අන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාණ කරුවන් වන ගූගල් සමාගමට ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. මෙම තොරතුරු වාර්ථා කරන ලද්දේ StatCounter නම් වූ ආයතනයක් විසිනුයි. desktop, laptop, tablet සහ mobile වල භාවිතාවන මෙහෙයුම් පද්ධති සියල්ලම පාහේ සංඝණනය කරමින් මෙම වාර්ථාව එළිදක්වා තිබෙනවා.
ඒ අනුව සමස්ථ මෙහෙයුම් පද්ධති භාවිතයෙන් සියයට 37.93ක් අන්ඩ්ඩ්‍රොයිඩ්  ලෙසිනුත් සියයට 37.91 මයික්‍රොසොෆ්ට් ලෙසිනුත් ඉතිරිය වෙනත් මෙහෙයුම් පද්ධති වලටත් බෙදී යනවා.
එසේම ඉන්දියාව (සමස්ථ භාවිතයෙන් 79%ක්) , ඉන්දුනීසියාව  (සමස්ථ භාවිතයෙන් 72%ක්) සහ චීනයේ  (සමස්ථ භාවිතයෙන් 57%ක්) ඉදිරියෙන්ම සිටින්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. ලෝකයේ සමස්ථ භාවිතයෙන් ආසියාතික රටවල් ඉදිරියෙන්ම සිටීම ආසියාතික රටවල නව තාක්ෂණික නැබූරුව මනාවට විදහා දක්වන්නක් ලෙසින්ද හැදින්විය හැකියි.
කෙසේ නමුත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වල ඒකාධිකාරයක් ගොඩ නැංවීමේ හැකියාව ඇන්ඩ්‍රොයිඩ් සතුවන බව නම් නොරහසක්. නමුත් ඇන්ඩ්‍රොයිඩ් වල හදුනා නොගත් දුර්වලතාවන් දහස් ගණනක් පවතින බවද අවසාන වශයෙන් සදහන් කළ යුතු කරුණක්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive