සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 16 April 2017

motr.gov.lk under cyber attack...!

අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලාංකික වෙබ් අඩවි ගණනාවකට හැකිං ප්‍රහරයන් එල්ල වුණා. රාජ්‍ය වෙබ් අඩවි වල පවතින දුර්වලතාවන් හේතුවෙන් එම වෙබ් අඩවි පහසුවෙන් හැකර්වරුන්ගේ සාර්ථක ඉලක්කයන් වුණා.
ඊයේ දිනයේදී තාක්ෂ ණික,තාක්ෂණික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ (Ministry of Technology, Technical Education and Employment) වෙබ් අඩවියට හැකිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම සටහන තබන මොහොත වන විටත් www.motr.gov.lk නම් වන මෙම වෙබ් අඩවිය පවතින්නේ සයිබර් ප්‍රහාරයට ගොදුරු වෙමිනුයි. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ anonymous හැකර්වරුන් කණ්ඩායමක් වන AnonPlus නම් වූ හැකර්වරුන් වෙසිනුයි.
මෙම හැක් කිරීම සම්බන්ධයෙන් විශේෂ හේතුවක් සොයාගත නොහැකි නමුත් AnonPlus විසින් ඔවුන්ගේ ලාංජනය අදාළ වෙබ් අඩවියේ නිවෙස් පිටුවේ පළ කර තිබෙනවා.
AnonPlus is ready to support the people's need. And people is supporting Anonplus: that's our alliance, that's our brotherhood, that's our pact.
ලෙසින් සටහනක් ද තබා තිබෙන අතර තාක්ෂණික අමාත්‍යංශයේ පරිගණක අංශය හෝ වෙනත් වගකිවයුතු පාර්ශවයක් මේ සමබ්න්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර  නැහැ.
ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නොමැතිවා සේම මෙම සයිබර් ප්‍රහාරයෙන් සිදුවී ඇති දත්ත හානිය සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරියේදී වාර්ථා කිරීමට අදහස් කරමි.

එරන්ද කීර්ති දයාවංශ
Information Security Researcher and Technical Writer



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive