සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 25 April 2017

Missile Defense of South Korea Hacked by China

පරිගණක ලෝකයට බිහි වූයේ කවදාද එදා සිටම මිනිසුන් අනුන්ගේ දත්ත මොනවාද යන්න පිළිබදව් කුතුහලයෙන් පසුවුනා. ඒවා මොනවාදැයි යන්න සෙවීමට විවිධ ක්‍රමෝපායන් කල්පනා කළා. එහි ප්‍රථිපලයක් ලෙසින් අනර්ථකාරී හැකිං ක්‍රමවේදයන් ලෝකයට බිහිවුණා. 
මා විසින් විවිධ අවස්ථාවන් වලදී ලෝකයේ විවිධ ආයතන පුද්ගලයන් හැක් වීම සම්බන්ධයෙන් තොරතුරු ඔබට ගෙන ආවා. ලෝක යුද්ධයක් අභියස අප සිටිනා බව ඔබ මේ වන විට දනී යැයි මම සිතමි. ලෝකයේ බලවතුන් කදවුරු දෙකකට බෙදී බලය වෙනුවෙන් සටන් කිරීම මින් පෙරත් සිදු වුවත් මෙවර මෙම සටන පෙර සටන් වලට සාපේක්ෂව වෙනස් මගක් ගනු ඇති බවට මට හැගී යනවා.
විශේෂයෙන් තුවක්කුවෙන් පමණක් නොව පරිගණකයෙන්ම මෙම යුද්ධය මේ වන විට සිදු වෙමින් පවතිනවා. සයිබර් යුද්ධයික් ලෙසින් අප කලින් හැදින් වූ මෙය දැන් එළි පිටම සිදුවෙමින් පවතිනවා. ඊයේ දිනයේදී දකුණු කොරියාවට අයත් මිසයිල පද්ධතිය චීනය විසින් හැක් කරනු ලැබුවා.
චීනයේ බීජිං නුවර සිට ක්‍රියාත්මක වන හැකර්වරුන් කණ්ඩායමක් විසින් මෙම හැක් කිරීම සිදු කර ඇති අතර දකුණු කොරියානු ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
උතුරු කොරියාවේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල් ස්ථානගත කර තිබෙන අතර යම්කිසි ආකාරයකින් මේවා නිදහස් වුවහොත් ලක්ෂ ගණනින් මිනිස් හා දේපළ විනාශ වන බව නොරහසක්.
එසේම දකුණු කොරියානු රේඩාර් පද්ධතියද හැක් කිරීමට ලක් වී තිබෙනවා. එම හැක් කිරීම සිදු කරන ලද්දේ Tonto Team නම් වූ කණ්ඩායමක් විසිනුයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive