සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 April 2017

Skype users hit by ransomware

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබව අවස්ථ ගණනාවකදීම මා විසින් දැනුවත් කළා. විශේෂයෙන්ම නවීන රෑන්සම්වෙයාර් කාණ්ඩයන් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනානොගැනීම හරහා මේ වන විට මතු වෙමින් පවතින්නේ ඉතාමත් අනාරක්ෂිත තත්වයක්.
ඕනෑම මාධ්‍යයක්, පුද්ගලයෙක්, ආයතනයක් ඉලක්ක කර ගනිමින් රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල කිරීමට වත්මන් හැකර්වරුන් ක්‍රියා කරමින් සිටිනවා. මුදල් ඉපයීමම පරමාර්ථය කරගත් මෙවැනි හැකර්වරුන් දිනකට ඩොලර් මිලියන ගනනින් රෑන්සම්වෙයාර් හරහා උපයන බව ඔබ දන්නවාද?
යම් ආයතනයක් හැක් වුවහොත් ඒ ආයතනයේ කීර්ති නාමයට කැළලක් වන බැවින් බොහෝ දුරට එම හැක් වීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන්නේ නැහැ. බොහෝ දුරට සිදුවන්නේ එවැනි හැක් කිරීමක් සිදුවූ පසුව ආයතනික මට්ටමෙන් හැකර්වරුන් සමග සාකජ්චාකොට මුදල් ලබාදීමක් වැනි දෙයක් සිදු කර තත්ත්වය යථා තත්වයට පත් කර ගැනීමයි.
දිනකට එවැනි සිදුවීම් ගණනය කළ නොහැකි ගනනක් සිදුවෙමින් පවතින බව ඔබට කිව යුතුයි.
අද උදෑසන ඔබ අප කවුරුත් දන්නා Skype මෘදුකාංගය හරහා රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල වීමට පටන් ගත්තා. Skype වලදී දක්නට ලැබෙන වෙළදදැන්වීම් වලදී භාවිත කර ඇති ෆ්ලෑස් මෘදුකාංගය හරහා මෙම රෑන්සම්වෙයාර් කේත කොටස් එක් කර තිබෙන බවට සොයා ගැනුනා.
ඒ අනුව Skype වලදී දක්නට ලැබෙන වෙළද දැන්වීම් වලට ක්ලික් කීරීමෙන් වලකින ලෙස මෙසේ ඔබට තොරතුරු ලබා දෙනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive