සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 18 April 2017

ප්‍රවේශම්වන්න! පරිගණකයේ සියලුම දත්ත සහ තොරතුරු වනසන වෛරසයක් වේගයෙන් පැතිරේ

ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

තමන්වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බවයි සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බවයි චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රවෘත්ති ශ්‍රව්‍ය දෘශ්‍යය පට පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඉ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පරිගණකය ‍මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඉ-මේල් පණිවිඩ ආදී සමස්තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් (encrypt) බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පවසනවා.

තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් සංසදය සඳහන් කරයි.

මේවන විට තම පරිගණකය මෙම වෛරසයට ලක්වීම පිළිබඳව පැමිණිලි කීපයක් ලැබී තිබෙන බවද සංසදය පවසයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive