සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 23 April 2017

MasterCard launches Credit Card with Built-In Fingerprint Scanner

මුදල් භාවිතා කිරීමේ ක්‍රමවේදය කාර්මීකරණ විපලවයේ සිට සීඝ්‍රයෙන් වර්ධනය වී එහි උච්චතම අවස්ථාවට පැමිණ දැන් අවසන් කාලයට එළඹෙමින් තිබෙ නවා.මිනිසුන් ශිෂ්ඨාරායටගත වීමට පෙර මුදල් වෙනුවට හුවමාරු ක්‍රම භාවිතා කළා සේම නුදුරු අනාගතයේදීද මුදල් ඒකකයන් ලෝකයෙන් තුරන් වී කාඩ්පත් හරහ ගනුදෙනු කිරීම වැඩි වැඩියෙන් භාවිතයට ගැනෙමින් පවතිනවා.
විවිධ මූල්‍ය ආයතන හරහ ලබාදෙන කාඩ්පත් වලින් ගනුදෙනු කිරීම විලාසිතාවක් බවට පත් වෙමින් පවතින අතර ණය කාඩ් පත්ද භාවිතා කිරීම වැඩි වෙමින් පවතිනවා.
අන්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී ණය කාඩ් පත් හරහා එම ගනුදෙනු සිදු කිරීම වඩාත් කාර්‍යක්ෂම වන අතර මෙම ණය කාඩ්පත් වල දත්ත සොරාගෙන ඒවායි මුදල් ලබා ගැනීමේ හැකිං ක්‍රමවේදය කාලයක පටන් ක්‍රියාත්මක වන්නක්.
ආරක්ෂිත කාඩ්පතක් නිර්මාණය කිරීමට විවිධ ආයතන උත්සහ කළ අතර අද දිනයේදී MasterCard විසින් ඇගිළි සටහන් හදුනාගත හැකි ආකාරයේ ස්කෑන් උපාංගයක් සහිත ණයකාඩ්පතක් හදුන්වා දුන්නා.
මෙම මෙතෙක් සිදුකළ ගණුදෙනු වලදී භාවිතා කළ ආකාරයටම භාවිතා කිරීමට හැකි අතර ඇගිළි සලකුණු පරීක්ෂා කිරීමේ උපාංගයක් කාඩ් පතෙහිම ඇතුළත් බැවින් ඒ සදහා fingerprint scanners වැනි දෘඩාංගද අවශ්‍ය වන්නේ නැහ.
කෙසේ නමුත් මෙම ඇගිළි සලකුණු සහිත නව කාඩ්පත් හේතුවෙන් එහි දත්ත සොරාගත්තද ඇගිළි සලකුණු නොමැතිව භාවිතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරියේදී සුරක්ෂිතව ගණුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙසින් මෙය වඩාත් ප්‍රචලිත වනු ඇත.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive