සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 2 May 2017

Beware! New Android Malware Infected 2 Million Google Play Store Users

Pokémon Go සහ FIFA Mobile යන ජංගම දුරකථන ක්‍රීඩා දෙක හරහා නැවතත් ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග අවධානමකට ලක් වෙමින් පවතිනවා. Google Play Store හරහා මෙම මෙම ක්‍රීඩාවන් දෙකම භාගත කර ගැනීමට ඇති නිසා බොහෝ දෙනෙක් මෙවා සිය උපාංග වලට භාගත කරගනු ලබනවා.
නමුත් ඊයේ දිනය වන විට මෙම ක්‍රීඩාවන් දෙක හරහා මිලියන 2කට වැඩි ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට වෛරස් ප්‍රහාරයන් එල්ල වුණා. එසේම 40කට වැඩි ව්‍යාජ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග වල සැගවී ඇති මෙතෙක් සොයා නොගත් මැල්වෙයාර් කාණ්ඩයක්ද ඊයේ දිනයේදී සොයා ගැනුනා. මෙය FalseGuide ලෙසින් නම් කර ඇති අතර මෙම මැල්වෙයාර් එක හරහා බොට්නෙට් ජාලයක් නිර්මාණය වී ඇති බවද පර්යේෂකයන්  පවසනවා.
උපාංග මිලියන 2ක බොට්නෙට් ජාලයක් යන සැලකිය යුතු මට්ටමක DDOSහැකිං ප්‍රහාරයක් එල්ල කළ හැකි ජාලයක් .
මෙහි ඇති තවත් භයානක තත්වයක් වන්නේ මෙම වෛරසයන් ඔබගේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එකෙහි ක්‍රියාත්මක වන්නේ යැයි දැනගත හැකි ක්‍රමවේදයක් නොවීමයි.  නිහඩවම ක්‍රියාත්මක වෙමින් පවතින මෙම මැල්වෙයාර් කාණ්ඩයන් පසුගිය මාසයක කාලය තුළ ආසන්න වශයෙන් ලක්ෂ 6ක් පමණ වූ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල දත්ත සොරාගෙන තිබෙනවා.
Check Point ආරක්ෂක ආයතනයේ පර්යේෂකයන් පවසන්නේ මෙම මැල්වෙයාර් රුසියාවේ නිෂ්පාදනයන් බවයි. විශේෂයෙන් ජංගම දුරකථන ක්‍රීඩාවන් වැඩි වශයෙන් නිර්මාණය කරන්නේ රුසියාවේ වීමත් බොහොමයක් මෘදුකාංග Google Play Store වෙත එක් කර ඇත්තේ  "Anatoly Khmelenko" (රුසියන් බසින්  Анатолий Хмеленко) යන පුද්ගලයෙක් බවත් එම ප්‍රකාශයට හේතුවයි.
කෙසේ නමුත් Pokémon Go සහ FIFA Mobile යන ජංගම දුරකථන ක්‍රීඩා  භාවිතයෙන් ඉවත් වන්නේ නම් වඩාත් ආරක්ෂිත බව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive