සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 13 May 2017

Protect Against WannaCry: Microsoft Issues Patch for Unsupported Windows (XP, Vista, 8,...)

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් අප විසින් අවස්ථාවන් ගණනාවකදීම ඔබව දැනුවත් කළා. අද දිනයේදී මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති සියල්ලේම පාහේ පවතින දුර්වලතාවක් ඉලක්ක කර ගනිමින් ලෝකයේ මෙතෙක් වාර්ථා වී ඇති විශාලතම රෑන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරය එල්ල වෙමින් පවතිනවා.
වාර්ථාවන සිදුවීම් වලට අදාළව ආසන්න වශයෙන් රටවල් 98ක මිලියන ගණනක් වන පරිඝණක සහ පරිගණක ජාලයන් මේ වන විට අක්‍රීය වී ඇති බව පෙනී යනවා. macro script එකක් ඇතුළත් කර එවන  PDF හෝ  MS Word ගොනුවක මෙය වෛරසය ඇතුළත් වන අතර එය විවෘත කිරීමෙන් අනතුරුව අදාළ පරිඝණකයේ සියළුම ගොනු encrypt වී යන අතර ඩොලර් 3150ක (1.79 Bitcoins)මුදලක් ගෙවීමෙන් එම ගොනු decrypt කරගත හැකි වෙනවා.
මේ වන විට හදුනාගෙන ඇති පරිදි පැයකට ආසන්න වශයෙන් ඊමේල් මිලියන 5ක් පමණ ජනනය කළ හැකි Jaff ලෙසින් නම් කර ඇති බොට් නෙට් ජාලයකින් මෙම රෑන්සම්වෙයාර් වෛරසය පතුවරමින් තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට මෙම රෑන්සම්වෙයාර් ප්‍රහාරයක එරෙහිව මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ඇති දුර්වලතාවට පැච් ලබාදීමක් මින් සුළු මොහොතකට පෙර සිදු  කළා.
විශේෂත්වය වන්නේ අප්ඩේට්ස් එසේ නැතිනම් පැච් ලබාදීම අතහැර දැමූ windows XP මෙහෙයුම් පද්ධතියට මෙම ප්‍රහාරය හේතුවෙන් වන හානිය අවම කිරීම සදහා පැච් ලබාදීමයි.
මයික්‍රොසොෆ්ට් ඉතිහාසයේ මෙවැන්නක් සිදුවී පළමු අවස්ථාව මෙය වන අතර ඊට අමතරව Vista, Windows 8, Server 2003 සහ 2008 යන මෙහෙයුම් පද්ධති වලටද පැච් ලබාදී තිබෙනවා.
WannaCrypt ලෙසින් හදුන්වා ඇති මෙම රෑන්සම්වෙයාර් වෛරසය වෙනුවෙන් ලබාදී ඇති පැච් භාගත කර ගැනීම පහත දැක්වෙන වෙබ් අඩවියෙන් සිදුකරගත හැකියි.

http://www.catalog.update.microsoft.com/Search.aspx?q=KB4012598


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive