සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 27 May 2017

Thousands of machines have been infected with Qbot malware

පරිඝණක වෛරසයන් වලින් සිදුවන හානිය සම්බන්ධයෙන් ගෙවුණ කාලසීමාවේදී සෑම දෙනාම දැනුවත්  වුණා. ඒ wannaCry රෑන්සම්වෙයාර් ප්‍රහාරයත් සමගයි. කෙසේ නමුත් පරිඝණක වෛරස් වල නිර්මාණයේ අඩුවක් නම් දැකගත නොහැකියි.

සාමාන්‍යයෙන් දිනකට පරිගණක වෛරසයන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනා ගනු ලැබෙනවා. ඒවායින් එකක් හෝ කීපයක් මෙහෙයුම් පද්ධති වල හෝ මෘදුකාංග වල පවතින දුර්වලතාවන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන අතර අදාළ දුර්වලතාව පවතින පරිගණක වලට මහත් විනාශයක් සිදු කරනවා. \
අද දිනයේද මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයක් වේගයෙන් පැතිරෙමින් පවතිනවා. Qbot, Qakbot හෝ  Quakbot ලෙසින් නම් කර ඇති මෙම මැල්වෙයාර් වෛරසය මේ වන විට මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බව පෙනී යනවා.
මුලින්ම මේ නමින් වෛරසයක් හදුනාගත්තේ 2009 වසරේදීයි. අනතුරුව ඊට ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණය වූ අතර මෙය එහිම  වැඩි දියුණු කළ අවස්ථාඅවක් ලෙසින් හදුනාගෙන ඇත.
මෙම වෛරසයෙන් ඔබගේ පරිගණකයේ පහත තොරතුරු ලබා ගැනේ.

– Account name and password
– Country and City
– Internet Explorer password-protected sites
– IE user names and passwords
– IP address
– OS (Operating System)
– Outlook username and password
– Certificates
– Cookies
– Public Storage – SMTP, POP3, LDAP
– Browsing activities
– System information

අනතුරුව සොයාගත නොහැකි ආකාරයේ වෛරස් ප්‍රහාරයන් ගණනාවක් එල්ල විය හැකි බව පෙනී යනවා.
බොහොමයක් දෙනා අදටත් තමාගේ පරිඝණකයට වෛරසයක් ආසාදනය වී ඇති බවට හදුනාගත නොහැකි තත්වයක පවතින අතර ඒ හේතුවෙන් එහි ඇති අවධානම පිළිබදවද ඇත්තේ අඩු අවබෝධයක්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive