සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 3 May 2017

Warning! Don't Click that Google Docs Link You Just Received in Your Email

ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ සේවාවන් දිනපතාම හැක් වීම සාමාන්‍ය දෙයෙක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් ඊමේල් සේවාවන් සපයන වෙබ් අඩවි හැක් කිරීම හරහා ආයතනික සහ පෞද්ගලික ඊමේල් වලින් තොරතුරු ලබා ගැනීමට හැකර්වරුන් නිරතුරුව උත්සාහා කරනවා.
ඊමේල් සේවාවන් හැක් කිරීම හරහා ඒ හා සැබැදි වෙනත් සේවාවන් ද හැක් වීමේ අවධානම පවතිනවා. විශේෂයෙන් ක්ලවුඩ් ආකාරයෙන් දත්ත රැදවීමට අවස්ථාව ලබාදෙන සේවාවන් මෙසේ සදහන් කළ හැකියි. උදාහරණයක් ලෙසින් Gmail හැක් කළහොත් ඒ හරහා ලබාදෙන google drive ක්ලවුඩ් සේවාවට කෙලින්ම පිවිසිය හැකියි.
අද උදෑසන Google වලට අයත්  Google Docs සේවාව හැක් වී හෝ මැල්වෙයාර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවක් සොයා ගැනුනා. ඒ අනුව Google Docs සේවාව ඔබ භාවිතා කරන්නේ නම් යම් පුද්ගකයෙක් has shared a document on Google Docs with you." ලෙසින් ලැබෙන පණිවිඩ කිසිවක් විවෘත කිරීමෙන් වලකින ලෙස අවධාරනය කරනවා.
අතපසුවීමකින් හෝ එය ක්ලික් වුවහොත් ඔබව "Google Docs would like to read, send and delete emails, as well access to your contacts," ලෙසින් පෙන්නුම් කරන පිටුවකට ගෙන යන අතර එහිදී "allow" පමණක් ඇතිව ඉදිරියට යාමට ඔබගේ අවසර පතයි.
මෙවැනි හැකිං ක්‍රමවේදයන් වලින් බේරීම සදහා https://myaccount.google.com  වලට පිවිස  Security and Connected Apps වලදී  Google Docs සොයා එය මකා  දමන්න. මෙම සැකසීමේදී Google Docs ලෙසින් පෙන්නුම් කරන්නේ නියම Google Docs සේවාව නොවේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive