සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 14 May 2017

WannaCry Kill-Switch? It’s Not Over! WannaCry 2.0 Ransomware Arrives

WannaCry රෑන්සම්වෙයාර් වෛරසය මගින් මේ වන විට ආසන්න වශයෙන් රටවල් 160ක පමණ පරිඝණක පද්දති ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකට සහ පුද්ගල පරිගණක ආසන්න වශයෙන් ලක්ෂ 4කට දැඩි හානි පමුණවා තිබෙන බව වාර්ථා වෙනවා.
විශේෂයෙන් රුසියාව සහ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් මෙම වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රෝහල් පද්ධතිය සම්පුර්ණයෙන්ම බිද වැටු ණා.පසුව යුරෝපා රටවල් වලින් ඔබ්බට මෙම වෛරසය පැතිරීම ආරම්භ වූ අතර ආසියාතික රටවල් වලටද අවධානයෙන් පසුවන ලෙස පරිඝණක ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන අනතුරු ඇගෙවුවා.
කෙසේ නමුත් ඊයේ දිනයේදී මෙම WannaCry රෑන්සම්වෙයාර් වැඩසටහනෙහි කේත වල පවතින දුර්වලතාවක් සොයා ගැනීම හේතුවෙන් එහි පැතිරීම මැඩ පැවැත්වීමට හැකි වුණා. එම දුර්වලතාව සොයා ගත් බවට අදාළ හැකර්වරුන් විසින් දැනුවත් වීමෙන් අනතුරුව ආසන්න වශයෙන් අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී ජාත්‍යන්තර වශයෙන් නැවත මෙම සයිබර් ප්‍රහාරය එල්ල විය හැකි බවට අනාවැකි පල වෙනවා.
ඇමෙරිකානු ඩොලර් 300ක කප්පමක් ඉල්ලමින් ක්‍රියාත්මක වන මෙම වෛරසයේ 2.0 සංස්කරණය එසේ පැතිරීමට ලක්විය හැකි බවයි පෙනී යන්නේ.
ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් භාවිතා කළ සයිබර් ආරක්ෂක මෘදුකාංග සම්බන්ධයෙන් විකිලීක්ස් විසින් කළ හෙළිදරවුවෙන් පසුව මෙම හැකර්වරුන් එම මෘදුකාංග මෙම වෛරසය නිර්මාණය සදහා යොදාගෙන තිබෙන බවට මූලික පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා.
ආසියාතික රටවල් ඉලක්ක නොවුණත් හෙට දිනයේදී අවධානමින් සිටින ලෙස මෙසේ ඔබව දැනුවත් කරන්නේ යමක් සිදුවීමට පෙර සූදානමින් සිටීම වැදගත් බැවිනුයි.
විශේෂයෙන් නොදන්නා අයගෙන් ලැබෙන ඊමේල් වල ඇති ඇමිණුම් විවෘත කිරීමේදී වඩාත් සැලකිළිමත් වීම වැදගත්.




Aout the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive