සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 29 May 2017

Judy Android Malware Infects Over 36.5 Million Google Play Store Users

පරිඝණක හරහා හෝ ජංගම දුරකථන හරහා ක්‍රීඩාවන් සිදු කිරීමට බාල මහළු බේදයකින් තොරව අපි හැමෝම කැමතියි.  ඒ නිසා එවැනි ක්‍රීඩාවන් වෙනුවෙන් ඇති ඉල්ලුමත් ඉතාමත් ඉහලයි.
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා වන ජංගම දුරකථන උපාංග වෙනුවෙන් නිර්මාණය වූ ක්‍රීඩාවන් මිලියන ගණනක් Google Play Store හි දැකගත හැකියි. යම් යම් කාල වල මෙම ක්‍රීඩා මෘදුකාංග සමග ඈදුණු වෛරසයන් සහ විවිධ අනවශ්‍ය මෘදුකාංග ව්‍යාප්තියක් දැකගත හැකි වුණා.
ඉතාමත් මෑතකදී pokemon go ක්‍රීඩාව හරහා එවැන්නක් සිදුවූව ඔබට මතක ඇති. ඊයේ දිනයේදීත් එවැනි මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයක් ඇතුලත් ක්‍රීඩාවක් සොයා ගැනුනා. ඒ Chef Judey : picnic lunch maker නම් වූ ක්‍රිඩාවයි. එහි වෛරසයක් අන්තර්ගත බව සොයා ගැනුනේ Checkpoint ආයතනය විසිනුයි.
කෙසේ නමුත් මේ වන විට ආසන්න වශයෙන් මිලියන 36.5ක් පමණ වන උපාංග සහ ජංගම දුරකථන වල මෙම ක්‍රීඩාව ස්ථාපිත කර ඇති බව පෙනී යනවා.
මෙවැනි වෛරසයන් සහිත Judey පරිඝණක ක්‍රීඩා 41ක් මේ සමග සොයාගෙන ඇති අතර ඒවායින් වඩාත්ම භයානක වන්නේ මෙම Chef Judey ක්‍රීඩාවයි.
මෙම  Judey කාණ්ඩයේ  ක්‍රීඩාවන් සියල්ලම පහත දක්වා ඇති අතර. ඉන් එකක් හෝ ඔබ භාවිතා කරන්නේ නම් ඔබගේ උපාංගය හෝ ජංගම දුරකථනය අනාරක්ෂිත බව දැක්විය හැකියි.

Fashion Judy: Snow Queen style
Animal Judy: Persian cat care
Fashion Judy: Pretty rapper
Fashion Judy: Teacher style
Animal Judy: Dragon care
Chef Judy: Halloween Cookies
Fashion Judy: Wedding Party
Animal Judy: Teddy Bear care
Fashion Judy: Bunny Girl Style
Fashion Judy: Frozen Princess
Chef Judy: Triangular Kimbap
Chef Judy: Udong Maker – Cook
Fashion Judy: Uniform style
Animal Judy: Rabbit care
Fashion Judy: Vampire style
Animal Judy: Nine-Tailed Fox
Chef Judy: Jelly Maker – Cook
Chef Judy: Chicken Maker
Animal Judy: Sea otter care
Animal Judy: Elephant care
Judy’s Happy House
Chef Judy: Hotdog Maker – Cook
Chef Judy: Birthday Food Maker
Fashion Judy: Wedding day
Fashion Judy: Waitress style
Chef Judy: Character Lunch
Chef Judy: Picnic Lunch Maker
Animal Judy: Rudolph care
Judy’s Hospital: Pediatrics
Fashion Judy: Country style
Animal Judy: Feral Cat care
Fashion Judy: Twice Style
Fashion Judy: Myth Style
Animal Judy: Fennec Fox care
Animal Judy: Dog care
Fashion Judy: Couple Style
Animal Judy: Cat care
Fashion Judy: Halloween style
Fashion Judy: EXO Style
Chef Judy: Dalgona Maker
Chef Judy: ServiceStation Food
Judy’s Spa Salon

මෙම සියළුම ක්‍රීඩාව දකුණු කොරියාවේ නිෂ්පාදනයක් වන බවට සාධක හමුවී ඇති අතර ගූගල් විසින් ඉදිරියේදී මෙම සියළුම ක්‍රීඩාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive