සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 27 November 2017

World's Biggest Botnet Just Sent 12.5 Million Emails With Scarab Ransomware

Dridex banking trojan, Trickbot banking trojan, Locky ransomware, Jaff ransomware
මෙම ප්‍රභල පරිඝනක වෛරසයන් ඔබට මතකද? මහාපරිමාණ හැකිං ප්‍රහාරයන් ගණනාවක්ම එල්ල වුණේ මෙම වෛරසයන් හරහායි. බැංකු ජාලයන් සහ රාජ්‍ය දත්ත විශාල වශයෙන් සොරා ගැනුන මෙම වෛරසයන් ක්‍රියාත්මක වුණේ spam ආකාරයේ ඊමේල් හරහායි.
spam ඊමේල් යවන්නේ spam බොට් එකක් හරහායි.  හැකර්වරුන් විසින් පැයකට මිලියන 2ක ස්පෑම් ඊමේල් යවන Necurs නම් වූ අති විශාල බොට් නෙට් එකක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පැයකට මිලියන 2ක් ඊමේල් හුවමාරු වීම කියන්නේ අන්තර්ජාලයේ විශාල තදබදයක් ඇති කිරීමට හේතු වෙනවා. Necurs හි අයිතිකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැතත් දකුණු ඇමෙරිකානු පරිගණක ජාලයකින් දිගින් දිගටම විශාල වශයෙන් ඊමේල් රික්වෙස්ට් ලැබෙමින් පවතින බවට  F-Secure සයිබර් ආරක්ෂක ආයතනය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින කීපයේදී ජීමේල් ඇතුළු සියළුම ඊමේල් සේවාවන් වලදී ස්පෑම් ආකාරයේ ඊමේල් ලැබීමේ සම්භාව්‍යතාව වැඩිවිය හැකි අතර ඔබ ඒවා විවෘත කිරීමෙන් අනවශ්‍ය කරදර වල වැටීමටද හැකි බැවින් අවධානයෙන් පසුවන්න. 
එසේම විශේෂයෙන් .com වැනි top-level domain (TLD) වලින් අවසන් වන කාර්‍යාල ඊමේල් ලිපින වලාටද මින් බලපෑමක් එල්ල විය හැකියි.
ඊමේල් පැමිණෙන්නේ පහත subject වලිනි.
Scanned from Lexmark
Scanned from Epson
Scanned from HP
Scanned from Canon



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive