සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 16 November 2017

Another Shady App Found Pre-Installed on OnePlus Phones that Collects System Logs

ජංගම දුරකථන වලට අපල කාලයක් උදා වී ඇත්තේය.
ඉතාමත් සුරක්ෂිත යැයි කියූ Apple iPhone X ජංගම දුරකථනයේ  Face ID හදුනාගැනීමේ පහසුව හැක් කළේ පෙරේදාය. මේ ගැන Apple වචනයක්වත් කථා නොකරන්නේ මන්දැයි ගැටළුවකි.
මෙය දෘඩාංග වල දෝෂයක් යැයි විවිධ පුද්ගලයින් කිවූ අතර Apple ෆෝන් එකතු කිරීමට පටන් ගෙන ඇතැයි ඇතැමෙක් කීය. කෙසේ නමුත් මේ සටහන වෙන් වන්නේ Apple සදහා නොව OnePlus සදහාය.
OnePlus යනු විශේෂාංග ගණනාවක්ම සහිතව දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකථනයකි. අද දිනයෙදී මේ මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙමින් පවතින ඔබගේ පෞද්ගලික තොරතුරු සොරාගගෙන වෙනත් පාර්ශවයන් වෙත හුවමාරු කරගන්නා OnePlusLogKit නම් වූ මෘදුකාංගයක් හදුනා ගැනුනා. මෙය  Android rooting backdoor එකක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් ඔබගේ ජංගම දුරකථනයෙන් පහත තොරතුරු සොරාගන්නවා.
1. Wi-Fi, NFC, Bluetooth, and GPS location logs,
2. Modem signal and data logs, hot and power issue logs,
3. list of the running processes, list of running service and battery status,
4. media databases, including all your videos and images saved on the device.

මෙම තොරතුරු සියල්ල හැකර්වරුන්ට ඉතාමත් වැදගත් තොරතුරු. ලෝකයේ මිලියන ගණනක් වන OnePlus ජංගම දුරකථන මේ අනුව ඉතාමත් අනාරක්ෂිත වෙනවා සේම ඉදිරියේදී යාවත්කාලවීමක් ලබා නොදුනහොත් සයිබර් ප්‍රහාර සදහා OnePlus දායක වීමේ අවස්ථාව වැඩිය.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive