Intel වල ඉතිහාසය පරිගණක ඉතිහාසය තරම්ම පැරණිය. කලින් කලට නවීකරණය වෙමින් ආ Intel නිසා ලෝකයේ පරිගණක වලින් 75%ක් පමණ බලගැන්වෙන බව සැවෙම දන්නා කරුණක්.
පරිගණකයක් නම් Intel ප්‍රොසසරයක් යෙදිය යුතු බවට මතයක් සමාජය තුළ ගොඩ නැගුනේද මේ නිසාය. වල්නරබිලිටි නැතිනම් දුර්වලතා යන්න කරළියට එන්නේ මෑතකදීය. Intel වලද තාක්ෂණික දුර්වලතා එසේ නැතිනම් දෘඩාංග හැක් කිරීමේ ක්‍රමවේද වලට රිංගිය හැකි හිදැස් පවතින බව අවස්ථා ගණනාවකදීම සොයාගත්තා.
අද දිනයේදීද Intel වල පවතින අතිශය අනාරක්ෂිත දුර්වලතාවක් සොයාගෙනුනා. Trusted Execution Engine (TXE) නම් වන සේවාව සහ Server Platform Services (SPS) යන සේවාවන් දෙක මෙසේ හැකිං ප්‍රහාරයන් සදහා භාවිතා කළ හැකි බවට සොයාගැනුනා.
CVE-2017-5707 සහ CVE-2017-5710 ලෙසින් නම් කර ඇති මෙම දුර්වලතා දෙක සදහා තවම Intel ආයතනය විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර මිලියන ගණනක් වන පරිගණක මේ අනුව අනතුරුදායක තත්වයක පවතිනවා.
Intel හි පහත සදහන් ප්‍රොසොසර් වල මෙම දුර්වලතාවන් පවතිනවා.
6th, 7th and 8th Generation Intel Core processors
Xeon E3-1200 v5 and v6 processors
Xeon Scalable processors
Xeon W processors
Atom C3000 processors
Apollo Lake Atom E3900 series
Apollo Lake Pentiums
Celeron N and J series processors

About the author
Eranda Dayawansa
0 comments:
Post a Comment