සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 13 November 2017

Apple iPhone X's Face ID Hacked (Unlocked) Using 3D-Printed Mask

Apple සමාගම විසින් iPhone X නිකුත් කර යන්තන් සති දෙකක් ගෙවෙමින් පවතී. අතලොස්සක් තරම් වූ ලෝකයේ වටිනාකමින් වැඩිම ජංගම දුරකථන අතරට iPhone X එකතු වන්නේ සාමාන්‍ය ජනයාට එය තවත් එක් සුඛෝපභෝගි භාණ්ඩයක් බවට පත් කරමින්.
ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 2කට වැඩි වූ iPhone X සුවිශේෂී ආරක්ෂිත ක්‍රමෝපායන්ගෙන් සමන්විත ආරක්ෂිතම ජංගම දුරකථනයක් බවට විවිධ විශ්ලේෂකයන් මෙන්ම සංඝණන වාර්ථා පවා පෙන්නුම් කළ අතර අන්තර්ජාල වෙබ් අඩවි වල මිලියන ගණනක් වෙබ් පිටු  iPhone X හි ගුණ වයමින් තොරතුරු ඵල කළේය.
කෙසේ නමුත් ඕනෑම දෙයක දුර්වලතාවන් පැවතීම සාමාන්‍ය සංසිධියක් බවට සනාථ කරමින් iPhone X ටම  Apple විසින් නිර්මාණය කළ "ultra-secure" Face ID security එසේ නැතිනම් අයිතිකරුගේ මුහුණ හදුනාගෙන ජංගම දුරකථනය ක්‍රියාත්මක වීමේ තාක්ෂණය අසාර්ථක බව ඊයේ දිනයේදී හෙළි වුණා.
හැකර්වරුන් කණ්ඩායමක් විසින් මුහුණට ඉතාමත් සමාන mask එකක් 3D printing තාක්ෂණය හරහා සාදා ඒ හරහා iPhone X හි ආරක්ෂිත අගුළු විවෘත කිරීමට උත්සාහ කළ අතර අවාසනාවට අදාළ iPhone X ජංගම දුරකථනය විසින් හැකර්වරුන්ගේ  mask එක සත්‍ය පුද්ගලයෙකුගේ මුහුණ ලෙසින් හැදිනගෙන ජංගම දුරකථනයේ අගුළු හැර දුන්නා.
ලොවක් බලා සිටි iPhone X වල ආරක්ෂාව බිංදුවක් බවට පත් කරමින් හැකර්වරුන් විසින් එම සිද්ධියට අදාළ වීඩියෝව ඊයේ මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට එක් කළ අතර අනතුරුර්ව Apple engineering teams විසින් ද එම පරීක්ෂණය කළ බව සැලයි.
කෙසේ නමුත් දෘඩාංගමය දෝෂයක් පවතින බවට සදහන් කරමින්  iPhone X සියල්ල නැවත එකතු කරගැනීමට Apple සමාගම උත්සාහ කරන බවටද රාවයක් පැතිරිණා.
කෙසේ නමුත් මිල අධික වුවද සාමාන්‍ය ජංගම දුරකථනයක පවතින ආරක්ෂාව වත් නොමැති බවට Apple  iPhone X සනාථ කර හමාරයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive