සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 12 November 2017

Vault 8: WikiLeaks Releases Source Code For Hive - CIA's Malware Control System

Wikileaks කාලෙන් කාලයට විවිධ පුවත් මවන වෙබ් අඩවියක්. විවිධ අයථා ක්‍රම හරහා රාජ්‍ය ආයතන වල මෙන්ම පුද්ගලයන්ගේද දත්ත සොරාගෙන ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම Wikileaks හි ප්‍රධාන අරමුණයි. ඒ සදහා නිරතුරුවම Wikileaks වැඩ කරන විශාල පිරිසක්ද මේ වන විට දැකිය හැ කිය. විශේෂයෙන් රාජ්‍ය යුද රහස් සොරාගෙනීම වැනි දේ සදහා පළපුරුදු හැකර්වරුන් ගණනාවක්ම Wikileaks සතුවේ.
Vault ලෙසින් නම් කළ සයිබර් ප්‍රහාරයක් හරහා  CIA සංවිධානයේ අංශ 23ක සියළුම රහස් Wikileaks සොරාගන්නේ මින් වසර කීපයකට පෙරය. ඉන් පසුව අවස්ථා ගණනාවකදීම Wikileaks විසින් එම දත්ත ප්‍රසිද්ධ කළ අතර CIA ආයතනයට යන එන මං නැති වූයේ Wikileaks විසින් CIA hacking tool ලෙසින් CIA ආයතනය විසින් හැකිං සදහා භාවිතා කළ මෘදුකාංග සහ ඔවුන් විසින් හදුනාගෙන තිබූ මෙහෙයුම් පද්ධති වල දුර්වලතාවන් ප්‍රසිද්ධ කිරීමත් සමගය.
Vault 7 වන තුරු අවස්ථා 7 කදී මෙම දත්ත ප්‍රසිද්ධ කළ අතර ඊයේ Vault 8 ලෙසින් Wikileaks විසින් තවත් සුවිශේෂී දත්ත රාශියක් ප්‍රසිද්ධ කළා.
Wikileaks Vault 8 හිදී Project Hive ලෙසින් නම් කර තිබූ  CIA සංවිධානයේ රහස්‍ය ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණ සැලැස්මක සියළු තොරතුරු කේත සටහන් සහිතව ප්‍රසිද්ධ කළා. 
Project Hive සම්බන්ධයෙන්  තමන් සන්තකයේ තොරතුරු පවතින බවට Wikileaks ඉගි කලේ මේ වසරේ අප්‍රේල් මාසයේදීයි.  Hive මෘදුකාංගය advanced command-and-control server (malware control system) එකක් වන අතර multi-user all-in-one system එකක් ලෙසින්ද හැදින්වෙනවා . විශේෂයෙන් ලොව වටා සිදුවන සයිබර් ප්‍රහාරයන් නිරීක්ෂණය කිරීම සහ තම රටට එල්ල වන සයිබර් ප්‍රහාර වල සුලමුළ දැනගැනීම මෙම මෘදුකාංගයේ එක් කොටසක්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive