සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 November 2017

Uber Covered Up Massive Hack in 2016 for More Than a Year

Uber... :)

ශ්‍රී ලාංකිකයන්ට ද අමුතු අත්දැකීමක් එක් කරන්නේ යැයි පවසමින් taxi සේවයට එකතු වන්නෙ 2011 වසරේදීයි. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක Uber taxi සේවාව ක්‍රියාත්මක වන අතර දහස් ගණනක් ඉන් සේවාවන් ලබාගන්නවා.
අඩු මිළ taxi සේවාවක් ලෙසින් ප්‍රචලිත මෙය ශ්‍රී ලංකාව තුළද සෑම ප්‍රදේශයකම විසිරී පැතිරුණු ජාලයකින් සමන්විතයි.
මේ සටහන වෙන් වන්නේ Uber ගුණ කීමට නොවේ.  2016 වසරේ මුල් කාර්තුවේදී තමන් මහාපරිමාණ හැකිං ප්‍රහාරයකට මුහුණ දුන් බවත් ඉන් ලෝකයේ රටවල් රැසක Uber භාවිතා කරන මිලියන 57 කගේ පමණ පෞද්ගලික දත්ත සොරාගත් බවට තමන් පිළිගන්නා බව Uber හි වත්මන් CEO වන Dara Khosrowshahi ඊයේ රාත්‍රියේදී  බ්ලොග් සටහනක් තබමින් කියා සිටියා.
Amazon Web Services (AWS) හි සහයෙන් ක්‍රියාත්මක   Uber හැක් වන්නේ එහි පවතින ප්‍රාථමික දෝෂයක් නිසා බවත් පසුව එය නිවැරදි කළ බවත් ඔහු පවසනවා.
කෙසේ නමුත්   bug bounty program එකක් හරහා ඔවුන්ගේ දුර්වලතා සොයාගැනීමට Uber උත්සාහ කර ඇති අතර දහස් ගණනක් දුර්වලතා Uber ජාලයේ පැවති බවට ඔහු එම බ්ලොග් සටහනේ දක්වා තිබෙනවා.
එම දත්ත සොරකමේදී ආසන්න වශයෙන් රියදුරන් ලක්ෂ 10කගේ පමණ driver’s license තොරතුරු සියල්ලම සොරාගෙන තිබෙන බව ඔහු පිළිගෙන තිබෙනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive