සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 5 November 2017

Fake WhatsApp On Google Play With Over 1 Million Downloads

මිලියනයකට වැඩි පිරිසක් යම් වංචාවකට හසු කර ගැනීමටත් සුවිශේෂී හැකියාවක් තිබිය යුතුය. ඊයේ දිනය වන විට මිලියනයකට වැඩි පිරිසක් මෙසේ වංචනිකව හසු වූයේ ඔබ අප කවුරුත් භාවිතා කරන WhatsApp මෘදුකාංගය හා සමානවම නිර්මාණය කළ මෘදුකාංගයකටයි.
WhatsApp යනු ලෝකයේ දෙවෙනුව වැඩිම පිරිසක් භාවිතා කරන IM ආකාරයේ මෘදුකාංගයයි. ඇන්ඩ්‍රොයිඩ් පාදක උපාංග වලට Google Play Store හරහා මෙය ලබාගත හැකි අතර ජාත්‍යන්තර සමීක්ෂණ අනුව නියම WhatsApp මෘදුකාංගය භාවිතා කරන්නන්ගේ ප්‍රමණය 2017 පළමු කාර්තුව වන විට මිලියන 300 පසු  කළා.
ඒ අනුව සක්‍රීය පරිශීලකයන් මිලියන 300ක් පමණ දිනපතා මෙය භාවිතා කරන අතර ඊට සම්පූර්ණයෙන්ම සමාන මෙම ව්‍යාජ මෘදුකාංගයද මිලියනයකට වැඩි පිරිසක් තම උපාංග වෙත බාගත කරගෙන තිබුණා.
ඒ හරහා බාවිතා කරන්නාගේ දත්ත සොරාගෙන තිබෙන බවට සාධක සොයාගැනීමෙන් අනතුරුව ලෝකයේ විවිධ ස්ථාන වලින් මේ සම්බන්ධයෙන් WhatsApp වෙත චෝදනා එල්ල වූ අතර සොයා බැලීමේදී මෙම ව්‍යාජ WhatsApp මෘදුකාංගය සොයා ගැනුනා.
පසුව official Play Store වෙතින් මෙම මෘදුකාංගය ඊයේ දිනයේදී ඉවත් කර තිබෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive