සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 November 2017

Proton Malware Found Hiding in Elmedia Player Downloads

සිංදු අහන්නට වීඩියෝවක් බලන්නට නම් ප්ලේයරයක් ඕනෑය. විවිධාකාර පහසුකම් සපයන ප්ලේයර් සිය ගණනක් අන්තර්ජාලයදී සොයාගත හැකි අතර බොහොමයක් නොමිලේම භාගත කරගත හැකි ඒවාය.
නොමිලේ ලැබේ නම් ඕනෑම දෙයක් බාරගන්නට සූදානම් අයට විශේෂ පණිවිඩයක් තිබේ. නොමිලේ දෙන බොහොමයක් මෘදුකාංග වල විශේෂයෙන් නොමිලේ දෙන ප්‍රතිවෛරස් මෘදුකාංග වල පවා පරිගණක වෛරසයන් සැගවී තිබිය හැකි බවයි.
Elmedia නම් වූ ප්ලේයරයේ Proton නම් වූ භයානක මැල්වෙයාර් වෛරසය පවතින බවට ඊයේ දිනයේදී ESET විසින් සොයාගනු ලැබුවා.
ප්ලේයරය පරිගණකයට ස්ථාපිත කරන්නට යාමේදී පරිගණකයේ ලොගින් මුරපද ඉල්ලා සිටින අතර ඒවා ලබාදීමෙන් පමණක් එම ප්ලේයරයේ සම්පූර්ණ පහසුකම් අත්විදිය හැකි වේ.
ලොගින් මුරපද ලබාදුන් පසුව ප්ලේයරයේ සැගවී ඇති මෙල්වෙයාර් වෛරසය විසින් වෙනත් වෛරසයන් සහ අනාරක්ෂිත කේත කොටස් වලට පරිගණකය වෙත පිවිසීම සදහා ආරක්ෂිත දොරටුවක් එසේ නැතිනම් පෝට් එකක් විවෘත කර දේ.
අනතුරුව පරිගණකය අදාළ පරිගණක ජාලයට වෛරසයන් මුදාහරින ඒකකයක් ලෙසින් ක්‍රියාත්මක වන බවයි ESET පවසන්නේ.
එම නිසා Elmedia හෝ කුමන මෘදුකාංගයක් හෝ අන්තර්ජාලයෙන් භාගත කරගෙන පරිගණකයට ස්ඨාපිත කිරීමේදී සැලකිලිමත් වන්න.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive