සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 November 2017

Google Collects Android Location Data Even When Location Service Is Disabled

නැවත Nokia 1100 එකක් මිළදී ගැනීමට කාලය හරි යැයි සිතෙන තරමට ජංගම දුරකථන ක්ෂේත්‍රයේ දත්ත සොරාගෙනීම් වැඩි වෙමින් පවතී. තාක්ෂණය දියුණු වෙත්ම මිනිසා එය මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නවා විනා එයින් මානවයාම නැසීමට යාම කෙසේ නම් පිළිගත හැකි දෙයක්ද?
ඔබ අප සැවොම දන්නා පරිදි ගෙවුණ වසර කීපය තුළි විවිධ මාදිලියේ ජංගම දුරකථන මිලියන ගණනක් ලෝක ප්‍රජාවගේ භාවිතයට එක් වුණා. එයින් වැඩිමනක් බලගැන්වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙනුයි. ඇන්ඩ්‍රොයිඩ් පාදක උපාංග වලට පසුගිය කාලයේ ඉතාමත් සාහසික අන්දමින් හැකිං ප්‍රහාරයන් එල්ල  වූයේ අන්ඩ්‍රොයිඩ් වල පවතින දුර්වලතාවන් නිසාය.
එය එසේ වුවත් කම් නැත. ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කළ ගූගල් විසින්ම සිදුකරන වංචා සහගත ක්‍රියාවන් නිසා ඇන්ඩ්‍රොයිහි අනාගතය කෙබදු වේදැයි සැකයක් මතු වෙනවා. ඔබ විසින් භාවිතා කරන දුරකථනයේ GPRS පහසුකම හරහා ඔබ ඉන්නේ කොහේද යන්න පිළිබදව තොරතුරු ලබාගත හැකි අතර ගූගල් මැප් සදහා මෙය ඉතාමත් වැදගත් වේ. නමුත් අපි සෑම අවස්ථාවකදීම මෙම සේවාව සක්‍රීය නොකර තබාගන්නා අතර අපි අය අක්‍රීය කර එතැයි සිතා සිටින්නෙමු. නමුත් සත්‍ය වන්නේ එය සැබැවින්ම අක්‍රීය නොවීමයි.
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය on කළ අවස්ථාවේ සිටම ඔබ ඔබ සිටිනා ස්ථානයේ location data ගූගල් විසින් ලබාගන්නා බව ඊයේ දිනයේදී හෙළි වුණා. location services එක අක්‍රීය කළත් නැතත් ගූගල් විසින් අදාළ දත්ත ලබාගත හැකි ආකාරයෙන් ඇන්ඩ්‍රොයිඩ් සකසා ඇති බවත් location services එක off කරනවා යැයි අපි සිතා සිටියත් එය බොරුවක් බවත් හැකර්වරුන් කණ්ඩායමක් සාක්ෂි සහිතව පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව බිලියන ගණනක් වන ඇන්ඩ්‍රොයිඩ් උපාංග ඇත්තේ කොතැනද යන්න ගූගල් විසින් ඔබගේ අවසරයකින් තොරවම සොයාබලනවා. මේ සදහා "Cell Tower Triangulation" නම් තාක්ෂණයේ උපකාරය ලබාගන්නා බවයි පෙනී යන්නේ.
Google's privacy policy වල මේ බව සගව සදහන් කර තිබෙනවා.

"We use various technologies to determine location, including IP address, GPS, and other sensors that may, for example, provide Google with information on nearby devices, Wi-Fi access points, and cell towers."

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි දෙයක් මෙහිදී සිදුවන බව නම් පැහැදිලියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive