සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 11 June 2013

Best Computer Parts PC Hardware and Components 2013

එක් එක් කාලයන් වලදී පරිගණක දෘඩාංග කොටස් වල සිදුවන වෙනස් කම් හේතුවෙන් මේ වන විට පරිඝනකයක් අධික වේගවත් හා කාර්යක්ෂම බවකින්  යුතු බව හැමදෙනාම දන්නා කරුණක්. නවීන තාක්ෂණයේ දියුණු වීම මත නිර්මාණය වන වන එක් එක් නවීන පරිඝනක උපාංග කොටස් පිළිබද වැඩි දෙනාගේ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් නවීණ තාක්ෂණයි බාවිතයට නොගෙන පැරණි තාක්ෂණය මතම රැදෙමින් පවතින බවක් අද සමාජයේ දකින්න පුලුවන්. එහිදී මිළ අධික කම යන සාධකය මත පැරණි තාක්ෂණයේම රැදීමට සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත් නව තාක්ෂණය හා තාක්ෂණික උපකරණ ගැන වැටහීමකින් සිටීම හොද දෙයක් ලෙසයි මා දකින්නේ. 


ඔබගේම පරිගණකයක් නිර්මාණය කරගන්න උත්සාහා කරමින් සිටිනවා නම් මේ ආකාරයේ නව තාක්ෂණික උපාංගයන් ගැන අවබෝධය ඒවා මිළදී ගැනීමේදී වටින්න පුලුවන්. පරිගණකයක් නිර්මාණය කරගද්දි දෘඩාංග කොටස් තෝරාගන්නා ආකාරය ගැන කළින් ලිපිය කීපයක්ම ලිවුවා. අපි මුලින්ම බලමු පරිගණකයේ මූලිකම කොටසක් වන මවුපුවරුව ගැන. එහි නවතම ඉදිරිපත් කිරීම් මොනවාද යන්න ගැන හොයලා බලමු. හොද මවුපුවරුවක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන නම් මං කලින් කියලා දුන්නා. ඒක කියවුවේ නැතිනම් මෙතනින් කියවන්න.

මං මුල් කාලීනව බාවිතා කලේ P I ආකාරයේ මද වේගවත් 128MB මතකයක් සහිත පරිගණකයක්. නමුත් අද වෙනකොට ගෙවුනු අවුරුදු 15 පමණ කාලයේ පරිගණක දෘඩාංග ඉතාමත් දියුණු තත්ත්වයට පත් වුණා. විවිධ මවුපුවරු නිර්මාණය කරන සමාගම් ගණනත් එන්න එන්නම වැඩි වෙලා. ඉතින් හොද මවු පුවරුවක් හොයාගන්න එක තරමක ගැටලුවක්. මේ 2013 වසර වන විට ලෝක පරිගණක වෙළදපොළට ඉදිරිපත් වී ඇති මවුපුවරු අතරින් ඉතාමක් හොද මට්ටමේ පවතින මවුපුවරු කීපයක් ගැන හොයා බලමු.

The ASRock Extreme 4 Z77 Chipset motherboard.



ඉහතින් සදහන් කර ඇති මවුපුවරුව දැනට භාවිතා කරන I කාණ්ඩයේ සියලුම සකසනයන් වෙනුවෙන් සහය දක්වනවා වගේම ඉදිරි කාලයේදී වෙළෙදපොලට එන Intel නිෂ්පාදනය වන Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. DDR iii  කාණ්ඩයේ මතක පත් භාවිතා කළ හැකියි. අනුමාන කරන මිල 16000 පමණ වේවි. 

GIGABYTE GA-990FXA



නව තාක්ෂ්ණික් යෙදවීම කීපයක්ම අඩංගු කර නිර්මාණය කර ඇති මේ මවුපුවරුව  Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. වෙළෙදපොළ මිළ රුපියල් 22000 පමණ වේවි. 

ASUS SABERTOOTH 990FX 




මවුපුවරුවේ පෙනීම අනුව මෙහි විශේෂ පෝර්ට් කීපයක්ම දකින්න් ලැබෙනවා. ඒවායේ බාවිතා කිරීම් ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි. විශේෂයෙන් USB3 ආකාරයේ පෝර්ට්ස් ගණනාවක්ම දකින්න ලැබෙනවා. ඊට අමතවර විශේෂ කරුණ වන්නේ VGA පෝර්ට් එකක් නොමැති වීමයි. එනම් පිටින් සම්බන්ධ කරන VGA කාඩ් බාවිතා කරන්නට සිදුවෙනවා. එමෙන්ම මෙයත්  Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. මෙය වෙළෙදපොළේ රුපියල් 24000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

Gigabyte Intel Z77 LGA 1155


මෙහි HDMI,DVI ආකාරයේ VGA පෝට් එකක් පවතිනවා. USB3 ආකාරයේ පෝර්ට්ස් භාවිතා වෙනවා වගේම Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. මෙය වෙළෙදපොළේ රුපියල් 22000 පමණ මිලකට අලෙවි කෙරේවි.

ASRock 970 EXTREME3 



මෙහිත් විශේෂ කරුණ වන්නේ VGA පෝර්ට් එකක් නොමැති වීමයි. එනම් පිටින් සම්බන්ධ කරන VGA කාඩ් බාවිතා කරන්නට සිදුවෙනවා. දැනට භාවිතා කරන SATA පෝර්ට්ස් ඒ ආකාරයෙන්ම මෙහි දැකගන්න පුලුවන්, නමුත් IDE ආකාරයේ දෘඩ තැටි බාවිතය නම් මෙහිදී කළ නොහැකි වෙනවා. එමෙන්ම මෙයත්  Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. මෙය වෙළෙදපොළේ රුපියල් 21000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

ASUS P8Z77-V LX LGA 1155 



මෙහි USB3 වගේම USB2 බාවිතා කිරීමේ හැකියාවත් පැවතීම විශේෂයක්.  VGA පෝර්ට් එකක් නොමැති වීම නිසා පිටින් සම්බන්ධ කරන VGA කාඩ් බාවිතා කරන්නට සිදුවෙනවා.මෙයත්  Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. මෙය වෙළෙදපොළේ රුපියල් 19000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

Intel Z77 HDMI 




මවුපුවරු නිෂ්පාදකයින්ගේ ආදිතමයෙක් වන INTEL සිය නව නිර්මාණය ඉහත ආකරෙයින් ඉදිරිපත් කරනවා. මෙහි විශේෂ්තාවන් අතර වැදගත් වන්නේ Ethernet LAN පෝට් දෙකක් සහිතව මෙම පවුපුවරුව නිර්මාණය වීමයි. සර්වර් පරිඝනක මවුපුවරු වල පමණක් පැවති මේ පහසුකම මින් මතුවට PC නැතහොත් පුද්ගල පරිඝනක වලටත් ලබාදීමට මොවුන් උත්සාහා කරලා තිබෙනවා. එමෙන්ම කූලි පෑන් එකද විශේෂිත ආකාරයෙන් නිර්මාණය වීමක් දකින්න් පුලුවන්. මෙයත්  Ivy සහ Sandy Bridge ආකාරයේ  සකසනයන්ට සහය දක්වනවා. මෙය වෙළෙදපොළේ රුපියල් 19000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

ඉතින් මේ ආකාරයෙන් මවුපුවරු වල විශේෂීකරණයක් සිදුවන විට ඒ හා සමානුපාතිකවම සකසනයේත් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මුල්කාලීනව පැවති සකසනයන්ට වඩා බලවත් සකසනයන් අද නිර්මාණය වෙලා තිබෙනවා වගේම සර්වර් පරිගණක වල පැවති සකසනයන් වල තාක්ෂණය පුද්ගල පරිගණක වෙනුවෙන් ලබාදීමේ  පියවර කීපයක් මේ වන විට තාක්ෂණික වශයෙන් ගෙන තිබෙන බව පෙනෙනවා 



Intel Core i7-3770K Quad-Core Processor 
මෙහි 3.5 GHz 8 MB Cache LGA සහ 3rd Generation i7 processors එහෙම නැතිනම් Ivy bridge කාණ්ඩයෙනුත් ලබාගන්න පුලුවන්. මෙය විශේෂයෙන් ගේමින් PC වෙනුවෙන් නිර්මාණය වූවක් ලෙසයි හදුන්වන්න පුලුවන්.  මෙහි සකසනය පමණක් වෙළෙදපොළේ රුපියල් 34000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

Intel Core i5-3570K Quad-Core Processor


AMD FX-8350 FX-Series Eight-Core Processor Edition


INTEL වලට පසුව ලෝකයේ දෙවෙනි සකසන නිර්මාණ කරුවන් වන්නේ AMD ආයතනයි. එහි නවතම නිර්මාණය වන්නේ Eight-Core තාක්ෂණයෙන් එන ඉහතින් දක්වන ලද සකසනයයි. මෙහි සකසනය පමණක් වෙළෙදපොළේ රුපියල් 29000 පමණ මිලකට අලෙවි කෙරේවි. 

AMD Phenom II X4 965 



මීට අමතරව් පර්යේෂණ මට්ටමේ පවතින INTEL සකසන කීපයක් ගැනත් දැනගන්න් පුලුවන්. 


Intel Core i7-3930K Hexa-Core Processor 

මෙය 3.2 Ghz 12 MB Cache LGA 2011 ලෙසින් පවතින අතර Hexa-Core Processor  තාක්ෂණයෙන් යුතු බැවින් අධික වේගවත් බවක් අපේක්ෂා කළ හැකියි.මෙම සකසනය වෙළදපොළේ රුපියල් 81000 පමණ මිලදී ගත හැකි වේවි. 

ඉතින් ඉහතින් දක්වන ලද සකසනයන් හා මවුපුවරු වලට අමතරව ප්‍රධාන මතක පත් එහෙම නැතිනම් RAM වලත් නව නිෂ්පාදනයන් දැකගන්න පුලුවන්. ප්‍රමුඛ RAM නිෂ්පාදකයින් අභිබවා නව තාක්ෂනයන් බාවිතා කරමින් එන මේ නිර්මාණයන් කීපයක් පහතින් දක්වලා තිබෙනවා. 

Corsair Vengeance 16GB 

මෙහි  16GB සහ 32GB ආකාර වලින්  ලබාගන්න පුලුවන්. වෙළදපොළේ රුපියල් 21000 පමණ මිලදී ගත හැකි වේවි. 

Kingston Technology 8GB Kit 

ඉතින් මේවාට අමතරව අපි මවුපුවරු ගැන කතා කරද්දි කිවුවා අලුතින් එන බොහොමයක් මවුපුවරු වල VGA පෝට් එකක් නැති බව. ඉතින් අපි අනිවාර්යයෙන්ම VGA කාඩ් එකක් මිලදීගත යුතු වෙනවා. දැනට මිලදීගන්න පුලුවන් නවීන තාක්ෂණයෙන් යුතු VGA කාඩ කීපයක තොරතුරු බලමු. 

Gigabyte AMD Radeon HD 7970

මේවා අධි විභේදන සහිත රූපරාමු වේගයෙන් සකසමින් 3D පහසුමක් වලින් යුතු වඩා හොද රූපරාමු ලබාදීම වෙනුවෙන් බාවිතා වෙනවා. නමුත් මිල අධික විම හේතුවෙන් බාවිතාවේ අපහසුතාවයන් පැන නගින නිසා සාමන්‍ය පුද්ගල පරිඝනකයකදී මෙවන් කාඩ් පතක් බාවිතා කරනවා තව සෑහෙන කාලෙකට දකින්න නම් නොලැබේවි. මෙය වෙළදපොළේ රුපියල් 76000 පමණ මිලදී ගත හැකි වේවි. 

EVGA GeForce GTX 660 SUPERCLOCKED



මෙහි අමතර වශයෙන් විශේෂීකරණය වූ පෝර්ට් ගණනාවක් දැකගන්න පුලුවන්. මෙය වෙළදපොළේ රුපියල් 44000 පමණ මිලදී ගත හැකි වේවි. 

මීට අමතරව පරිඝනකයේ තවත් වැදගත් උපාංගයක් වන දෘඩ තැටිය මේ වන විට අලුත් මුහුණුවරකින් දැකගන්න පුලුවන්. ඒ IDE සහ SATA තාක්ෂණ වලින් මිදී නව තාක්ෂණයක් ලෙස එන SSD එහෙම නැතිනම් Solid State Drive හදුනාගන්න පුලුවන්. 


මෙය ප්‍රමාණයෙන් කුඩයි. නමුත් වැඩි ධාරිතාවයන්ගෙන් යුතුයි
ඉතින් මේ ආකාරයෙන් විවිධ නව උපාංග එක් කරගනිමින් වඩා වැඩි වේගවත් භාවයක් සහිත පරිඝනකයක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා වගේම එහි මිලත් අධික වෙනවා නිසැකයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive