සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 16 June 2013

CCNA® 4 - Communicate With Router

පරිගණක ජාලයක බුද්ධිමත් හා ඉතාමත් ආරක්ෂාකාරී උපාංගය වන්නේ රවුටරය කියලයි අපි කලින් පාඩම නැවැත්තුවේ. ඉතින් අදින් ඇරබෙන්නේ රවුටරයේ අභ්‍යන්තර කොටස් පිලිබද කරන අධ්‍යයන කොටසුයි. එහිදී අපි මූලිකවම අදුනාගත යුතුයි රවුටරයක කොටස්. ඒ වගේම එය හා ගණුදෙනු කරන ආකාරයත් අපි දැනගෙන ඉන්න ඕනෑ.




සාමාන්‍ය පරිගණක මවුපුවරුවක් වගේ දකින්න ලැබෙන රවුටරයේ මවු පුවරුව තුළත් රවුටරයට අදාල මෙහෙයුම් පද්ධතියට (IOS) සහය දක්වන දෘඩාංග කොටස් දැකගන්න පුලුවන්. IOS ගැන අපි වෙනත් පාඩමකින් දීර්ඝව කතා කරමු.

ඉතින් රවුටරයක අතුරුමුහුණත ගත්තොත් පහල රූපයේ ආකාරයෙන් දැකගන්න පුලුවන්.

මෙහි තිබෙන Serial 1/3 ලෙසින් දක්වන සියල්ලට පොදුවේ Interface ලෙසින් හදුන්වනවා. ඒ එක් එක් Interface වලට වෙන වෙනම සැකසුම් සකස් කිරීම සකස් කිරීමට අදාල විධානයන් තිබෙනවා. ඒවා සියල්ල ඉදිරි පාඩම් වලදී විස්තර කෙරෙනවා.

රවුටරයක ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දෘඩාංගය වන්නේ එහි RAM කොටසයි. එහි ප්‍රධාන කොටස් 4ක් අදුනාගන්න පුලුවන් වගේම ඒවායෙන් රවුටරයට ලැබන දායකත්වයත් එකිනෙකට වෙනස්.

  • RAM
  • NVRAM
  • Flash
  • ROM
  • RAM
පරිගණකයක වගේම මෙහිදිත් RAM නැතිනම් Random Access Memory කොටසින් විශේෂ වූ කාර්යයක් සිදු කරනවා. ඒ රවුටරය ඔන් වුන තැන සිට එහි සියලු ක්‍රියාවන් සිදුවන්නේ මේ මත සිටයි. එනම් Running configuration file එක මතකයේ තබාගෙන එහි සැකසුම් අනුව රවුටරය මෙහෙයවන්නේ මේ RAM මතකයයි. 
  • NVRAM
මේ මතකය විදුලිය ඇති අවස්ථාවේ පමණක් ක්‍රියාත්මක වන එහෙම නැතිනම් Non Volatile Random Access Memory ලෙසින් දක්වන්න පුලුවන්. රවුටරය ඔන් වුන පසුව සිදුකල යුතු ක්‍රියාවන් සියල්ල මෙහි ගබඩා වෙලා තිබෙනවා. ඒ කියන්නේ රවුටරයේ Start-up Configuration File ක්‍රියාත්මක වන්නේ මේ මත සිටයි. Start-up Configuration File  වල සිදුකරන වෙනස්කම් සුරක්ෂිත කළ යුතු අතර එවිට එය RAM  මත සටහන් වෙනවා. විදුලිය විසන්ධි කළ පසුව RAM වල සැකසුම් රැදී නොතිබුනාට මෙහි සැකසුම් රැදී පවතිනවා. 
  • Flash
Flash මතකය ඉතාමත් වැදගත් වන්නේ මේ තුළ CISCO IOS ගොනුව දැකගන්න පුලුවන්. නැවත නැවත ලියන්න පුලුවන් ආකාරයේ මතකයක් ලෙසයි මෙය පවතින්නේ. ඒ කියන්නේ  CISCO IOS  ගොනුව වුවත් අපට වුවමනා ආකාරයෙන් සැකසුම් සකස් කරමින් වෙනස් කරමින් උපස්ථ (Backup) ලබාගැනීම් හා ඒවා නැවත ස්ථාපිත කිරීම වගේ දේවල් කරගන්න Flash මතකය ඉතාමත් වැදගත් වෙනවා. 
  • ROM
රවුටරයට විදුලිය ලැබුණු ගමන්ම පරිගණකයක සිදුවන POST ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් රවුටරය තුළත් සිදුවෙනවා. ඊට සහය දක්වන්නේ ROM මතකය.

ඉතින් මේ පහලින් දක්වලා තිබෙන්නේ එක් එක් ආකාරයේ CISCO රවුටර් වර්ගයන්. මේ හැම දෘඩාංගයකම ඉහල රූපයේ ආකාරයේ Interface දකින්න ලැබෙනවා. සමහර රවුටර් සංස්කරණ වල Interface ගණනාවක් දැකගන්න පුලුවන්. කෙසේ නමුත් පොදුවේ සියල්ල වෙනුවෙන් භාවිතා කරන්නේ එකම විධානයන් වීම නිසා ඕනේම ආකාරයක රවුටරක් වින්‍යාශගත කිරීම එකම ආකාරයෙනුයි සිදුවන්නේ.


මීලගට අපි බලමු ඕනේම ආකාරයේ රවුටරයක් කොහොමද පරිගණකයක් හරහා වින්‍යාශගත කිරීමට සුදානම් කරගන්නේ කියලා. එහෙම නැතිනම් රවුටරයේ Internet-work Operating System [IOS] එකත් එක්ක පරිගණකයක් හරහා වැඩ කරන්න පුලුවන් වෙන ආකාරයට කොහොමද හදාගන්නේ කියලා. පොදුවේ ඕනේම ආකාරයක රවුටරයක් අපි DOS වලින් විධාන ලබාදී පරිගණකයක සැකසුම් සකසනවා වගේ සැකසුම් සකසන්න පුලුවන්. අපි එයට කියන්නේ Command Line Interface එක හරහා සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම මේ ඕනේම රවුටරයකට Graphical User Interface ආකාරයෙනුත් සම්බන්ධ වෙන්න්න පුලුවන්. 

ඉතින් අපි බලමු කොහොමද CLI එහෙම නැතිනම්  Command Line Interface එක හරහා රවුටරයක් වෙත සම්බන්ධ වෙන්නේ කියලා. ආකාර කීපයකින් ඒ වැඩේ කරගන්න පුලුවන්. ඒට කලින් මේ පහල රූපය ආයෙමත් මතක් කරගන්න. 

මෙහි තිබෙන Serial 1/3 වැනි පෝට් පොදුවේ Interface ලෙසින් හදුන්වන බව කලින් සදහන් කලා. අපි රවුටරයක් වෙත ලොග් වෙන්න භාවිතා කරන්නේ මේ ආකාරයේ Interface යි. පහල රූපයේ දැක්වෙන ආකාරයෙ කේබල් එකක් බාවිත කරමින් පරිගණකයකට රවුටරය සම්බන්ධ කරගන්න පුලුවන්. මේවා පොදුවේ console cable ලෙසින් හදුන්වනවා. 

Cisco DB9 to RJ45 Console Cable

මේවා රවුටරය මිලදී ගත්දිම ලැබෙනවා වගේම මිලදී ගන්නත් පුලුවන්. හදාගන්නත් පුලුවන්. ඉතින් මේ වගේ කේබල් එකක් හරහා පරිගණකය වෙත පහල රූපයේ ආකාරයෙන් 


ඔන්න ඉතින් අපිට පුලුවන් වුණා console cable එකක් හරහා රවුටරයක් ලැප් එක්කට හරි ඩෙක්ස්ටොප් එකකට හරි සම්බන්ධ කරගන්න. මෙහෙම නිකන් ගහගත්තා කියලා නම් අපිට රවුටරයට රිංගන්න වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් අපිට සිදුවෙනවා Hyper terminal වැඩසටහන හරහා  terminal එකක් හදාගන්න. අපි බලමු කොහොමද  terminal එකක් වින්ඩෝස් වලදී නිර්මාණය කරගන්නේ කියලා. දැන් එක් එක් ආකාරයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති තිබෙන නිසා  terminal එකක් නිර්මාණය කරන්න යන මාර්ගය එක් එක් ආකාර වෙන්න පුලුවන්. මං මෙතනදී RUN විධානයක් හරහා කරගන්න හැටි කියලා දෙන්නම්. 

එහෙනම් මුලින්ම Run වලදී hypertrm.exe




මෙතනදී අපි හදන්න යන terminal එකට නමක් දෙන්න. ඒක හදුනාගැනීමට පමණයි. 




මෙහි දැක්වෙන සැකසුම් නම් අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරගන්න පුලුවන්. ඉන් පසුව අපිට හැකියාව ලැබෙනවා අපි හදාගත්ත  terminal  එක හරහා අදාළ රවුටරයට ලොග් වෙන්න.මේ ක්‍රමය හැරුණාම තවත් ආකාරයන් දෙකකින් අපිට රවුටරය වෙත ලොග් වෙන්න පුලුවන්.

  1. Auxiliary port එක හරහා 
  2. Telnet හරහා 
ඉදිරියේදී මේ ආකාරයන් දෙක ගැනත් වැඩි විස්තර කතා කරමු. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Anonymous said...

niyamai.. kalin ewath kiyeuwa. ikmanata code ehema gahana ewa danna. good luck

Era said...

බොහොම ස්තුතියි

සිත්තම්කරු said...

Good job

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive