සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 18 June 2013

CCNA® 5 - Cisco Packet Tracer

රවුටරයක් කොහොමද පරිඝනකයට සම්බන්ධ කරගන්නේ  කියන එක ගැන දළ අවබෝධයක් දැන් ඔයාලට ඇති. ඉතින් මින් මතුවට අපි කරන්න සූදානම් වන්නේ CLI එහෙම නැතිනම් Command Line Interface එක හරහා රවුරටයේ එක් එක් ආකාරයේ වෙනස් කම් කරන්නයි. ඉතින් ඒ වෙනුවෙන් අපිට රවුටරක්  ඕනේ කරනවා. නමුත් මේ පෝස්ට් එක කියවන ඔයාලා හැමෝටම රවුටරයක් ගන්නවත් ප්‍රායෝගිකව රවුටරයක ක්‍රියාකාරකමක් කරන්නවත් අවස්ථාවක් ලැබේවි කියලා හිතන්න අපහසුයි. මොකද රවුටරයක් මිල අධිකයි. ඒ නිසා එක එක්කෙනාට ගන්න හැකියාවක් නෑ. ක්‍රියාකාරී රවුටරයක් තුල ප්‍රායෝගිකව මේ ක්‍රියාකාරකම් test කරන්න ලැබෙන්නෙත් නෑ. මෙන්න මේ  ආකාරයේ ගැටලු නිසා රවුටරයක් ගැන ඉගෙන ගන්නවා නම් ඒ වෙනුවෙන් නිර්මාණය කළ කල්පිත රවුටරයක් (Virtual Router) එකක් භාවිතා කරන්න වෙනවා. ඒ වෙනුවෙන් CISCO විසින්ම නිර්මාණය කළ මෘදුකාංගයක් තිබෙනවා. ඒ තමයි Packet Tracer. මේ හරහා එක් එක් ආකාරයේ රවුටරයන් බාවිතා කරමින් ඇත්ත රවුටර් පරිසරයක වැඩ කරන ආකාරයෙන්ම පරිගණක ජාලයක් සාදා එහි සැකසුම් වින්‍යශගත කිරීම සහ ගැටලු විසදීම් වැනි කාර්යයන් සරළව හා නිවැරදිව කරගන්න පුළුවන්.


Packet Tracer වලත් වෙනත් මෘදුකාංග වල වගේම විවිධ සංස්කරණයන් පවතිනවා. දැනට  5.3.3 වැනි සංස්කරණයකින් අපිට CCNA වලදී කරගන්න ඕනේ කරන ක්‍රියාකාරකම් කරගන්න පුලුවන්. ඉතින් 5.3.3 සංස්කරණය පහතින් දක්වලා තිබෙන ප්‍රොටෝකෝලයන්ට සහය දක්වනවා.

LAN: Ethernet (including CSMA/CD), 802.11 a/b/g/n wireless, PPPOE
Switching: VLANs, 802.1q, trunking, VTP, DTP, STP, RSTP, multilayer switching, Etherchannel, LACP, PAgP
TCP/IP: HTTP, HTTPS, DHCP, DHCPv6, Telnet, SSH, TFTP, DNS, TCP, UDP, IPv4, IPv6, ICMP, ICMPv6, ARP, IPv6 ND, FTP, SMTP, POP3, VOIP(H.323)
Routing: static, default, RIPv1, RIPv2, EIGRP, single-area OSPF, multi-area OSPF, BGP, inter-VLAN routing, redistribution
Other: ACLs (standard, extended, and named), CDP, NAT (static, dynamic, inside/outside, and overload), NATv6
WAN: HDLC, SLARP, PPP, Frame Relay
Security: IPsec, GRE, ISAKMP, NTP, AAA, RADIUS, TACACS, SNMP, SSH, SYSLOG, CBAC, Zone-based policy firewall, IPS
Qos: Layer 2 Qos, Layer 3 Diffserv Qos, FIFO Hardware queues, Priority Queuing, Custom Queuing, Weighted Fair Queuing, MQC, NBAR

ඉතින් මේ තියන සමහර වචන නම් තේරුන් නැතිව ඇති. ඉදිරියේදී මේවා ගැන විස්තර කරනවා.  Packet Tracer මෘදුකාංගය නොමිලේ භාගත කරගන්න පුලුවන් පහලින් දක්වලා තියෙන ලින්කු වලින්. මෙහි Packet Tracer මෘදුකාංගය සහ එය භාවිතා කරන ආකාරය ඇතුළත්  tutorial ගොනුවකුත් දැකගන්න පුලුවන්. මේවා වින්ඩෝස් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති දෙකටම අදාලව බාගත කරගන්න පුලුවන්.

Windows:
Title
Document Type 
and Download link
Packet Tracer v5.3.3 Application + Tutorial
This is the complete Packet Tracer Program including tutorials as a single downloadable package for Windows 2000, XP, Vista, and 7
Download(.exe - 81 mb)
Packet Tracer v5.3.3 Application only
This option is just the Packet Tracer program and the help files for Windows 2000, XP, Vista, and 7. It does not include the tutorial files. The tutorial files are not necessary to run Packet Tracer.
Download(.exe - 49MB)
Linux

Title
Document Type 
and Download link
Packet Tracer v5.3.3 
Application + Tutorial Linux-Ubuntu
This is the complete Packet Tracer Program including tutorials as a single downloadable package for Ubunto release 7.10.


(BIN - 103 mb)
Packet Tracer v5.3.3 Application only Linux-Ubuntu
This option is just the Packet Tracer program and the help files for Ubuntu release 7.10. It does not include the tutorial files. The tutorial files are not necessary to run Packet Tracer.
(BIN - 100 MB)
Packet Tracer v5.3.3 Application + Tutorial - Generic Ubuntu
This is the complete Packet Tracer program including tutorials for generic Ubuntu.
(tar.gz - 104 MB)
Packet Tracer v5.3.3 Application + Tutorial Linux-Fedora
This is the complete Packet Tracer program including tutorials as a single downloadable package for Fedora release 7.
(BIN - 71MB)
Packet Tracer v5.3.3 Application only Linux-Fedora
This option is just the Packet Tracer program and the help files for Fedora release 7. It does not include the tutorial files. The tutorial files are not necessary to run Packet Tracer.
(BIN - 68 MB)
Packet Tracer v5.3.3 Application + Tutorial Generic Fedora
This is the complete Packet Tracer program including tutorials for generic Fedora.
(BIN - 71MB)

ඉහතින් බාගත කරගත් මෘදුකාංගය සරලවම පරිඝණකයට ස්ථාපිත කරගන්න පුලුවන්.


ඉතින් මේ මෘදුකාංගය මත ඉදගෙනයි අපිට ඉදිරියේදී වැඩකරන්න වෙන්නෙ. පොදුවේ මේවාට කියන්නේ Network Simulation මෘදුකාංග කියලා. මීට කලිනුත් එවැනි මෘදුකාංගයක් ගැන විස්තර කලා. මෙතනින් ඒ ගැන් බලන්න පුලුවන්.  හැබැයි සරළ ක්‍රියාකාරකම් කීපයක් හැට  Cisco Packet Tracer වලින් තරම් රවුටරයක් තුළට පිවිසිලා සැකසුම් සකස් කිරීම වැනි දේ මේවායින් කරන්න බැහැ.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

5 comments:

sampath said...

ගොඩක් වටිනවා. දිගටම ලියන්න

Anonymous said...

වැදගත් ලිපි පෙළක්. CCNA මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට හොදටම හොදයි. ජය වේවා...!

Anonymous said...

well done keep going ................

සිත්තම්කරු said...

Like, good job

Era said...

:)>> Pavan chanuka thanks

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive