සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 14 June 2013

CCNA® 3 - Network Devices

පරිගණක ජාලයක් තුළදී එක් එක් ආකාරයේ උපකාර්ණයන් භාවිතා කරන බව ඔබ දන්නවා. ඒ එක් එක් උපකරණ භාවිතා කරන්නේ එක් එක් කාර්යයන්ට කියලත් ඔයාලා දන්නවා. අදාල කාර්යයට අදාල උපකරණය භාවිතා නොකරන පරිඝණක ජාලයක ගැටලු මතුවීම නොවැලැක්විය හැකි බව පරිගණක ජාල වල වැඩ කරන අය අත්දැකීමෙන් දන්නවා. ඉතින් අපි බලමු පරිගණක ජාලයක පොදුවේ භාවිතා කරන උපකරණයන් හා ඒවායේ කාර්යයන් මොනවාද කියලා.

ආරක්ෂාකාරී කාර්යක්ශම නෙට්වර්ක් එකෙක් හදාගන්න නම් පහත දැක්වෙන උපකරණ ඕනේ කරනවා.
  • Hub
  • Switch
  • Router
  • Patch Panel 
  • Cable Rack
  • Cable Management

ඉතින් අපි බලමු මේ එක් එක් උපකරණය කොහොමද පරිගණක ජාලයකට බලපෑම් කරන්නේ කියලා 
  • Hub
අද දකින්න ලැබෙන අලුත් පරිගණක උපාංගයන් හදුන්වාදෙන්න පෙර සිටම පරිගණක් ජාල වල භාවිත වුණ ක්‍රියාකාරීත්වයෙන් තරමක් සරල උපකරණයක් තමයි මෙ Hub එක කියන්නේ. මේ හරහා පරිගණක් කීපයක් එකට සම්බන්ධ කරගන්න පුලුවන්. එහිදී නිර්මාණය වන මූලික පරිගණක ජාල කරන ආකාරය එහෙම නැති නම් Topology  එක වෙන්නේ Star Topology එකයි. ඊට අමතරව Mash Topology එකටත් මේ ආකරයේ හබ් බාවිතා කරන්න පුලුවන්. ඉතින් මේ හබ් එකක් බාවිත කරද්දි එහි වාසි හා අවාසි දැකගන්නත් පුලුවන්. 

මෙහි ඇති මූලිකම අවාසිය වන්නේ හබ් වලින් එකට ඈදුනු පරිගණක ජාලයක ආරක්ෂාව අඩු වීමයි. එනම් හබ් එකක් හරහා පරිගණක ජාලයක ආරක්ෂාව තහවුරු කරන්න හැකියාවක් නැති වීම. ඒ කියන්නේ හබ් එකක් හරහා දත්ත ගලා යාමේදී එම පරිගණක ජාලයේ ඇති ඕනේම පරිගණකයකින් අදාල දත්ත බැලීමට හැකියාවක් පවතිනවා. 

එසේම හබ් එකට කිසිදු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ දත්තයන් හදුනාගැනීම, දත්ත අතර සිදුවන ගැටීම් (collision) හදුනාගැනීමේ හැකියාවක් තිබුණත් ඒවාට කරන්න ඕනේ මොනවද කියලා තීරණයක් ගන්න බැහැ. ඒ කියන්නේ අඩුම තරමින් එක් දත්ත ගැටීමක් සිදුවුවහොත් එය වලක්වාගෙන වැඩ කිරීමේ හැකියාවක්වත් පවතින්නේ නෑ. නමුත් CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection) කියන තාක්ෂණයක් ගැන කතා කරනවා.

  • Switch
හබ් එකක් තුලදී අපි දකින අවාසි සහගත තත්ත්වය වෙන්නේ ආරක්ෂාව අඩුවීම. නමුත් Switch එකක් තුලදී නම් අපිට ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන් වෙනවා. මේවා Manageable හා Unmanageable ලෙසින් ආකාරයන් දෙකක් දැකගන්න පුලුවන්.  Manageable Switch  එකකදී නම් අපිට සැකසුම් හදන්න පුලුවන්. Unmanageable Switch  එකකදි නම් සැකසුම් සකසන්න හැකියාවක් නෑ. එසේම Switch එකක් කියන්නෙ Uni-cast සහ Multicast කියන ආකාර දෙකටම දත්ත හුවමාරු කරනවා. එසේම කලාතුරකින් Switch එකක් Broadcast කරන අවස්ථාත් අදුනගන්න පුලුවන්. 

එසේම  Switch එකක් කියන්නේ ටිකක් කල්පනා කරලා වැඩ කරන  Network Devices එකක්. ඒ කියන්නේ තමාට සම්බන්ධ කරලා තිබෙන පරිගණක හෝ උපාංග වල තොරතුරු, ඒවා සම්බන්ධ වී තිබෙන පෝට්ස්, ඒවායේ IP ලිපිනයන් වගේම ඒවායේ MAC Address තොරතුරු පවා රදවා ගන්නවා, පොදුවේ මේ තොරතුරු රදවාගන්නේ MAC address table එකේ. එක් පරිගණකයක සිට දත්තයක් Switch එක වෙත ලැබුණු විට MAC address table එකේ ඇති දත්ත හා සසදා බලා අඩුම කාලයකින් කෙටිම මාර්ගයෙන් දත්තය අදාල තැනට යොමු කිරීමට තරම්  Switch එකක් බුද්ධිමත්. මේවා පෝට් 8,16,24,48 වශයෙන් ගන්න පුලුවන්. 
  • Router
Switch එකකට වඩා බුද්ධිමත් මේ උපකරණය Manageable ආකාරයටයි පවතින්නේ, ඒ කියන්නේ අපේ පරිගණක ජාලයට අවශය කරන ආකාරයට මෙහි සැකසුම් සකසා ගන්න හැකියාව පවතිනවා. ඉතින් මුලු CCNA කතා මාලාව පුරාම වැඩි වශයෙන්ම කතා කරන්නේ මේ  Router ගැන. මේවා ආරක්ෂාව අතින් ඉහල පරිගණක ජාල වල මූලික අංගයක වෙනවා. එකිනෙකට වෙනස IP ලිපිනයන් බාවිතා කරන පරිගණක ජාල දෙකක් හෝ එකම Layer එකේ IP ලිපින බාවිතා කරන පරිගණක ජාල දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කිරීම වෙනුවෙන් මේ උපකරණ බාවිතා කරනවා. 




  • Patch Panel 
පරිගණක් ජාලයේ පවතින කේබල් ටික ලස්සනට තියාගන්න ඕනේ නම් මේ ආකාරයේ Patch Panel භාවිතා කරන්න වෙනවා. මේවා භාවිතා කිරීමෙන් හදිසියකදී නෙට්වර්ක් කේබල් මාරු කරගැනීමට උවමනා උනොත් සරළවම් එය කරගන්න පුලුවන්. 

මහාපරිමාණ පරිගණක ජාල වලදී මේවා අනිවාර්යයෙන් භාවිතා වෙනවා. පැහැදිලිව කේබල් ටික බලාගන්න වගේම කලබලයකින් තොරව නෙට්වර්ක් එකේ වෙනස් කම් කරගන්නත් මේවා
උපකාර කරගන්න පුලුවන්. 












  • Cable Management
ඉතින් ඉහතින් දක්වලා තිබෙන උපකරණ වලට අමතරව Cable Management භාවිතා වෙනවා.






මේ විදියට උපකරණ ටික එක්කාසු කරගෙන හොද ආරක්ෂිත පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න පුලුවන්. අපි ඊලගට රවුටරයට එබිලා බලමු.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive