සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 19 June 2013

CCNA® 6 - Router Modes

Packet Tracer මෘදුකාංගය භාගත කරගන්නා ආකාරය සහ එහි වටිනාකම ගැන පොඩි පැහැදිලි කිරීමකිනුයි ගියවර පෝස්ට් එක අවසන් කළේ. ඉතින් Packet Tracer එක හරහා සරල පරිගණක ජාලයක් නිර්මාණය කරගන්න එක නම් ඒ තරම් දෙයක් නෙමෙයි. කුඩා පරිගණක ජාලයක ඉදන් අතිශයින් සංකීර්ණ පරිගණක ජාලයින් නිර්මාණය කර ඒවා පරීක්ෂා කිරීම කරන්නත් Packet Tracer යොදාගන්නවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ වෙන්නේ නැතිවෙයි. මොකද ඉදිරියේදී නිතරම අපි Packet Tracer තුළ වැඩි කාලයක් ගත කරන නිසා අපිට ඒ පිළිබද හොද අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙයි. එහෙනම් වැඩි කතා නැතිව අපි රවුටරයක් CLI එක හරහා වින්‍යාසගත කරන්න පටන් ගමු.

එතනදී අපි අදුනාගන්න ඕනේ වැදගත්ම කරුණු කීපයක් තිබෙනවා. කලින් පාඩමකදී රවුටර් එකේ Interface කියලා එකක් තියනවා කියලා කිවුවා. ඉතින් මේ මොන Interface එකෙන් රවුටරයට ලොග් වුනත් අපි ලොග් වෙන්න ඕනෑ රවුටරයේ Modes වලටයි. ඒ කියන්නේ එක් එක් Modes වලදී රවුටරය තුළ කරන්න පුලුවන් එක් එක් ආකාරයේ වෙනස්කම්. අපි බලමු මොනවද මේ රවුටරයේ Modes කියලා.

  1. User Mode
  2. Enable / Privilege Mode
  3. Global Configuration Mode
ඉතින් මේ එකින් එක් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය ලබාගන්න නම් මේ ආකාරයෙන් න්‍යායාත්මක දැනීම ලබාගන්නවා වගේම ප්‍රායෝගිකවත් ඒ දැනීම ගන්න ඕනේ. ඉතින් මේ දෙකම එකම වෙලාවෙම කරගන්න පුලුවන් නම් වඩා හොදයි.  Packet Tracer මෘදුකාංගය හරහා ඔයාලා කැමති ආකාරයේ රවුටරයක් ලබාගෙන එහි සැකසුම් වලට යන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි


මෙහි Physical ලෙසින් දක්වන්නේ තෝරාගන්නා ලද රවුටරයේ පෙනුමයි. Config යනු එහි සැකසුම් සකස් කිරීම වෙනුවන් ඇති GUI එකක් කිවුවොත් පැහැදිලි වේවි. CLI එක් ගැන නම් දන්නවනේ. CLI එකෙන් තමයි විධාන භාවිතා කරමින් සැකසුම් සකසන්නේ. ඒ සැකසුම්වලින්ම කොටසක් ඕනේ නම් Config මෙනු එක් හරහාත් හදාගන්න පුලුවන්. 


මෙ පෝස්ට් එකේදි පමණක් මේ සරලව මේවා කියන්නේ. ඊලගට කෙලින්ම CLI එකේ ඉදලමයි අපි විදාන භාවිතා කරන්නේ. රවුටරය පරිගණකයට සම්බන්ධ කරගත්තාම අපි Hyper terminal වැඩසටහන හරහා terminal එකක් තනාගෙන සිදුකරන වැඩේමයි මෙතනදී අපි  CLI එක හරහා කරන්නේ. 


රවුටරයට මුලින්ම විදුලිය ලබාදුන් අවස්ථාවේ එය බූට් වීමේදී ඉහල රූපයේ ආකාරයෙනුයි දකින්න ලැබෙන්නේ. ඉතින් අපි මින් පසුව බලමු ඉහතින් දක්වපු Router Modes සහ ඒවාට ලොග් වීමට බාවිතා කරන විධානයන් මොනවද කියලා. 

 User mode 

රවුටරයේ සැකසුම් සැකසීම ආරම්භ වන්නේ පහල රූපයේ ආකාරයෙන්




මෙතනදී දැනට අපි 'n' බාවිතා කරලා ඉදිරියට යමු. ඊලගට අපිට හැකියාව ලැබෙනවා router prompt එකට යන්න. 


ඉතින්  දැන් ඔයාලා බලනවා ඇති මෙතන Press RETURN to get started කියන එකේ RETURN  කියන්නේ මොන කී එකද කියලා. මෙතන RETURN  කියන්නේ Enter කී එකයි.

දැන් අපි රවුටරයේ මේ ඉන්නේ User mode එක. මතක තියාගන්න එහෙනම්  Router> ලෙසින් තිබෙන ඕනෑම තැනක අපි ඉන්නේ User mode එකේ. මෙතනදී අපිට පුලුවන් වන්නේ රවුටරයේ සැකසුම් බලාගන්න පමණයි. සැකසුම් සකසන්න හෝ ඒවා සුරක්ෂිත කරන්න වගේ දේවල් මෙහිදී කරන්න බෑ. 


Privilege mode

User mode එකේ සිට ඊලගට පිවිසෙන්න පුලුවන් Privilege mode එකටයි. මෙය Enable Mode එක කියලත් කියනවා. මේ Mode එක තමයි රවුටරයේ සැකසුම් සකසන්න තිබෙන Mode එක. එයට ඇතුලත් වන්න නම් User mode එකේ සිට enable ලෙසින් ටයිප් කර එන්ටර් කරන්න.


ඉතින් මෙතනදිත් මතක තියාගන්න රවුටරයේ CLI එක තුල Router# ලෙසින් පවතිනවා නම් අපි ඉන්නේ Privilege mode එකේ. මේ Mode එකෙන් අයින් වෙන්න ඕනේ නම් එහෙම නැතිනම් User mode එකට යන්න ඕනේ නම් සරලව disable කියල ටයිප් කරලා Enter කරන්න.

ඉතින් මෙතනදී එහෙම නැතිනම් Privilege mode එකේදී භාවිතා කරන්න පුලුවන් එක් එක් ආකාරයේ විදානයන් ගොඩක් පවතිනවා.  ඉදිරියේදී ඒ එක් එක් විධාන ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්. 


 Global Configuration Mode

මේ තමයි අනිත් වැදගත්ම Mode එක. එයට ඇතුලත් වෙන්න නම් Privilege mode එකේ ඉදලා configure terminal විදානය බාවිතා කරන්න ඕනේ  


ඉතින් ඕනේම අවස්ථාවක මේ Mode එකෙන් අයින් වෙන්න නම් එක්කෝ exit විදානය බාවිතා කරන්න ඕනේ. නැතිනම් කී බෝඩ් එකෙන් <CTL>+z කියන කී දෙක බාවිතා කරන්න ඕනේ. එතනින් ඉවත් වෙලා Privilege mode එකටයි එන්නේ.

ඉතින් මෙතනදී අපි විධානයන් කීපයක් අදුනාගත්තා. ඒ තමයි enable, configure terminal, exit කියන ඒවා. ඉදිරියේදීත් මේවා හැමතැනම වගේ බාවිතා වෙනවා. අකුරු නිවැරදිව ටයිප් කිරීම නම් මෙහිදී වැදගත් වෙනවා වගේම නොදන්න විදානයක් නම් ? සලකුණ මගින් බලාගන්න පුලුවන්. ඒ වගේම Tab කී එක මගින් බාගයක් ටයිප් කල විධානයක් සම්පූර්ණ කරගන්න පුලුවන්. මේ සියල්ලම ඉදිරි කටයුතු වලට අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම රවුටරය තුළත් කෙටි මං පවතිනවා. ඒවා මතක තබාගන්න එක කෝකටත් පහසුසුවෙනවා. ඉක්මනින් රවුටරයක් Configure කරගන්න ගියාම මේවා ගොඩක් වටිනවා.

Ctrl + A type කල command එකක මුලට නැවතත් cursor එක අරන් යන්න 
Ctrl + B type කල command එකේ අකුරක් පසුපසට cursor එක අරන් යන්න
Ctrl + D එක් අකුරක් මකන්න
Ctrl + E type කල command එකක අගට cursor එක අරන් යන්න
Ctrl + F type කල command එකේ අකුරක් ඉදිරිපසට cursor අරන් යන්න
Ctrl + Z configuration mode එකෙන් අයින් වෙලා Privilege/Enable Mode එකට ගන්න

Tab අසම්පූර්ණ command සම්පූර්ණ කරගන්න
? ඔබ type කල command එක හා සම්බන්ධ කල හැක් අනෙකුත් command  බලාගන්න

Ctrl + P or Up arrow අවසානයට Router එකට ඇතුලත් කල command එක බලන්න
Ctrl + N or Down arrow මුලින් Router එකට ඇතුලත් කල command එක බලන්න


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Eranda said...

Nice Bro Nice very useful (Y)

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive