සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 13 June 2013

CCNA® 1 - Open Systems Interconnection

පරිගණක ජාල ගැන කතාකරද්දී එක් එක් ආකාරයේ නවීන තාක්ෂණයන් ගැන කතා කරනවා. එහිදී CISCO යනු තරමක් සංකීරණ ජාලකරණ මෙවලමක් වන රවුටර් නිර්මාණය කරන සමාගමක්. ඒ හරහා නිෂ්පාදනය කරන CISCO  රවුටර් හැසිරවීමට ඒ වෙනුවෙන්ම ලියවුනු වැඩසටහන් ගැන අවබෝධයක් ලබාගන්න ඕනේ වගේම CISCO විභාගයන් සමත් වෙන්නත් ඕනේ. ඉතින් අද වන විට Microsoft විභාග වලට අමතරව ජාලකරණය වෙනුවෙන්ම නිර්මාණය වුණු CCNA® පාඨමාලාවන් වෘත්තීමය වශයෙන් ජාලකරණයේ යෙදෙන්නන් බොහෝ දෙනෙක් අධ්‍යයනය කරන පැතිකඩක් වෙලා. ඉතින් මේ විභාගයන් හා CCNA® පාඨමාලව තරමක් අසීරු ලෙසින් දකින්න ලැබුණත් නිසි ආකාරයෙන් මුල සිටම එය අධ්‍යයනය කළොත් ඒ තරම් අපහසු වෙන්නේ නෑ. ඉතින් මේ වෑයම CCNA® මුල සිට සරළව පාඩම් මාලාවක් ලෙසින් ලබාදීමටයි.

CCNA® Routing and Switching Certification තුලදී මධ්‍යම ප්‍රමාණයේ රවුටරයක් install, configure, operate, සහ troubleshoot යන අවස්ථාවන් වලට මුහුණ දෙන ආකාරය ගැන අධ්‍යයනය කෙරෙනවා.  ඊට අමතරව 

  • IOS 
  • Switch / Routers / Hub etc introduction 
  • IPv6 , IPv4
  • NAT
  • OSPF
  • Enhanced Interior Gateway Routing Protocol (EIGRP) and many type of Protocols
  • VLANs
  • Ethernet
  • Basic traffic filtering.
යන කොටස් සහ මේවායේ ඇති අභ්‍යන්තර කොටස් ආවරණය වෙනවා.  ඒවා අතර,
  • Cisco Licensing
  • Serial Line Interfaces
  • Frame Relay interfaces 
ඉතින්, අද අපි මූලික වශයෙන් CCNA වලදී දැනගත යුතු වන කොටස් අතර OSI මූලික තැනක් ගන්නවා. මොනවද මේ Open Systems Interconnection කියන්නෙ? පරිගනක ජාලයක ඇති සියලුම කොටස් එක් කරල සරලව තේරුම් ගතහැකි විදියට මුලු ජාලයම නිර්වචනය කිරීම Open Systems Interconnection  වශයෙන් කියන්න පුලුවන්.. පැහැදිලි මදි වගේ නේද? හරි, පරිගනක ජාලයක් ගත්තාම ඔයාලා දන්නවා ඒක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බොහොමයක් කොටස් එකතුවෙනවා කියලා. උදාහරනක් විදියට පරිගනක් හා රවුටර් ගන්න පුලුවන්. තව ගොඩක් දේවල් තියනවා. ඉතින් මෙ කොටස් සියල්ල එක් වෙලා පරිගනක ජාලය ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කිරීමක් තමයි මේ Open Systems Interconnection  එකෙන් කරන්නෙ. අපි බලමු මොනවද මේකේ තියෙන්නෙ කියලා







Open Systems Interconnection (OSI) model


මේක ප්‍රදාන කොටස් 7කට බෙදෙනවා. මොනවද මේ කොටස් 7? 

1. Physical Layer

2. Data Link Layer

3. Network Layer

4. Transport Layer

5. Session Layer

6. Presentation Layer

7. Application Layer


හරි, අපි බලමු මේ එකින් එක පැහැදිලි කරගන්න මම ඒකට පහල රූපය උපයෝගී කරගන්නවා 

අපිට පේන්නේ පරිගනක දෙකක් නෙට්වර් කේබල් එකකින් සම්බන්ද වෙලා තියන බව විතරයි. හැබැයි ඊට වඩා ගොඩක් ලොකු කාර්යයක් සිද්ද වෙලා තමයි අපිට ජාල සම්බන්ද තාවය ලැබැන්නේ. 

1. Physical Layer 
පරිගනක ජාලයකදී අපිට පැහැදිලිව පේන්න තියන වයර් වලින් සෑදුන කොටස තමයි මීට අයිති වෙන්නෙ පරිගනක ජාලයි හරහා සියලුම දත්තයන් ගලායාම සිදුවෙන මාදයය තමයි මේ කොටසට මූලිකවම අයිති වෙන්නෙ එතනදි පරිගනක් ජාලය නිර්මානයේ පාදම වෙන්නෙ මේ  Physical Layer   එක. ඒ මත සිට තමයි අපිට අනෙකුත්  Layer  නිර්මානය කරන්න හැකියාව ලැබෙන්නේ මෙහිදී දත්ත පවතින්නේ බිටු (bit) ආකාරයෙන්. 

2. Data Link Layer 
බිටු (bit) ආකාරයෙන් පවතින දත්තයන් encodes සහ decodes කිරීම මේ  Layer එකේ කාර්යය වෙනව. Physical layer සහ Network layer අතර අතරමැදියෙක් ලෙසයි Data Link Layer  එක ක්‍රියාත්මක වන්නේ. බිටු (bit) ආකාරයෙන් පවතින දත්ත ප්‍රවාහනයට පහසු ආකාරයෙන් frames වලට කැඩීමක් සිදුවන්නේත් මේ Layer එකේදි. ඒක අපි Physical addressing වශයෙන් හදුන්නනවා. 

3. Network Layer
දත්ත ගමන් කල යුතු මාර්ගය නිසි ආකාරයෙන් තෝරා දීමක් කරන්නෙ මේ Layer එකේදි. අපි ඒක Path determination and logical addressing වශයෙන් හදුන්නනවා. මෙහිදී දත්තය යන්න ඕනේ අහවල් IP ලිපිනයටයි කියලා දත්තයට දන්වනව ඒ සදහා IP IPv4, IPv6 , ARP , ICMP , IPsec , IGMP ,I PX, AppleTalk වගේ පොටෝකෝලයන් බවිතා කරනවා. ඒ වගේම අපිට පේන රවුටර් ස්විච් වගේ ඒවගේ ක්‍රියාකරීත්වයත් ආරම්බ වන්නේ මේ  Layer එක හරහා. ඒ වගේම පහත තියන උප කොටස් දෙකත් මේ  Layer එකේ සර්තක ක්‍රියාකාරීත්වයට බලපානවා.


  • The Media Access Control (MAC) layer. 
  • Logical Link Control (LLC) layer. 
ඉතින් මේ දේවල් බාවිතා කරලා පහල තියන දේවල් කරනව

  • Routing 
  • Forwarding 
  • Addressing 
  • Internet working 
  • Error handling, 
  • Congestion control 
  • Packet sequencing

මේ වෙනකොට දත්තය Packet එකක් බවට පත් වෙනව. 



4. Transport Layer 
දත්ත යා යුතු ගමන් මාර්ගය හරි ආකාරයෙන් පවතිනවද කියන් එක බලන්නෙ මේ  Layer එක හරහා.  අදාල මාර්ගයේ දත්ත යැවීමට ඇති විශවාසනීයත්වය පවා මේ  Layer එක හරහා පරීක්ශා කරනවා. ඒ වගේම එක වතාවකදී සියලුම දත්තයන් ලබා නොදී ජාලයේ වේගවත්බාවය මත දත්ත බෙදා හැරීමක්, නැත්නම් දත්ත ගලායාම පාලනය කිරීමක් කරනවා. එහිදී TCP, UDP ,SCTP ,DCCP ,SPX වගේ ජාල තලමිතීන්  බාවිතා වෙනව මෙහිදී Packet එකක් බවට පත් වෙලා තිබුන දත්තය Segments එකක් බවට පත් වෙනව. 

5. Session Layer
Application Layer එක දක්වා ගෙනයන දත්තයන් වල ආරක්ශාව ගැන බලන්නේ මේ Layer එකේදි.
Named pipe , NetBIOS , SAP , PPTP , RTP ,SOCKS ,SPDY , TLS/SSL කියන ජාල ආරක්ශන උපායමාර්ගයන් මෙහිදී බාවිතා වෙනව. 

  • Full-duplex 
  • Half-duplex, 
  • Simplex operation 
  • Establishes check pointing 
  • Adjournment 
  • Termination 
  • Restart procedures

6.  Presentation Layer 
දත්ත හුවමරු වන අදාල පරිගනක දෙක හෝ කීපය අතරේ සංවාදයක් ඇතිකරගන්නේ මේ Layer එකේදි. දත්තයන් නිවැරදිව ලැබිය යුතු පරිගනකය තෝරා ගැනීම වගේ දල අදහසක් ගන්න පුලුවන් මෙතනදි Data Link Layer වලදි encrypt කරපු දත්තයන් අයෙමත් decrypt කිරීමක් සිදුවෙනව අපි ඒකට කියන්නෙ convert machine dependent data to machine independent data කියලා

7.  Application Layer 
මෙතනදි කිසියම් මෘදුකාංගයක් හෝ සේවාවක් බාවිතා කරලා අපිට අදාල දත්තයන් ප්‍රදර්ශනය කිරීමක්  සිදුවෙනව. විවිද පොටෝකෝලයන් බාවිතා වෙනව වගේම විවිද මෘදුකාංගත් මෙහිදී බාවිතා වෙනවා. උදාහරන විදියට පහල ඒවා දක්වන්න පුලුවන්. 
  • Hypertext Transfer Protocol (HTTP),
  • File Transfer Protocol (FTP),
  • Simple Mail Transfer Protocol (SMTP)
  • Simple Network Management Protocol (SNMP).
  • Internet Explore
ඉතින් මේ Layer  පිලිබද යම් අවබෝදයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මන් හිතනවා. මේ Layer  ටික මතක තියගන්න පොඩි ටික්ස් එකක් මන් කියන්නම් 

1. Physical Layer  - Please 
2. Data Link Layer - Do
3. Network Layer - Not
4. Transport Layer - Throw
5. Session Layer - Sosenjus
6. Presentation Layer - Pizza
7. Application Layer - Away

Please Do Not Throw Sosenjus Pizza Away

ඉතින් මේ ගැන මූලික වැටහීමක් තියෙන්න් ඕනේ ඉදිරියේදී කරන්න තිබෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට. මේ 7 ගැන මනා වැටහීමක් නැතිනම් ඩේට පැකට් එකට් කොතැනින් කොහොමද යන්නේ කියන අදහස හා ඒවාට එක් එක් ආකාරයේ Encryption වැනි දේ ලබාදීමේදී ගැටලු මතුවෙන්න පුලුවන්. ඉතින් ආයෙමත් ඊලග CCNA පාඩමෙන් හමුවෙමු.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

8 comments:

Anonymous said...

what is meaning of segamnet

සිත්තම්කරු said...

Niyamai, wadagath.

Era said...

Anonymous >>A segment is a specially-configured subset of a larger network. The boundaries of a network segment are established by devices capable of regulating the flow of packets into and out of the segment, including routers, switches, hubs, bridges, or multi-homed gateways

Era said...

Pavan chanuka >> බොහොම ස්තුතියි :)

Unknown said...

ඇත්තටම ගොඩක් වැදගත්!
දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා අයියට...

Era said...

Eranda Yasas>> බොහොම ස්තුතීයි CCNA පාඩම් ඔක්කොම ටික කරන්නයි හිතාගෙන ඉන්නේ. ඇවිත් අඩුපාඩු එහෙම තියනව නම් කියන්න. :)

Unknown said...

maaxxxxA මමත් CCNA course එකක් කරන්න ඉන්නේ...මුලින්ම ඒක කරන්නද නැත්තම් තව අර MCTS කියල එකක් තියෙන්නේ ඒක කරන්නද??

Era said...

CCNA වලදි සමහර කොටස් දීර්ඝව කතා කරන්නේ නෑ. උදාහරණයක් විදියට SubNet වගේ දේවල් දක්වන්න් පුලුවන්. නමුත් MCP/MCSA වලදි ඒවා ගොඩක් කතා කරනවා. ඒ නිසා CCNA කරන්න කලින් Microsoft වලින් exam එකක් කරලම උන්න් නම් හොදයි :)

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive