සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 17 June 2013

Dual monitor setup

එක් පරිගණකයකට එක් මොනිටරයක් කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය උනත් විශේෂිත අවශ්‍යතාවයන් මත එක් පරිගණකයකට මොනිටර් දෙකක් භාවිතා කළ යුතු අවස්ථාවන් මතුවෙනවා. Dual monitor භාවිතා නොකරනවා නම් අදාල වැඩේ කරගන්න අපිට අති විශාල තිරයක් සහිත මොනිටරයක් භාවිතා කරන්න සිදුවෙනවා. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදෙන පහසුකමක් ලෙසින් මෙය බාවිතා කරන්න පුලුවන් වගේම VGA වලට අදාල දෘඩාංග මේ Dual monitor සැකසුම් වලට සහය දක්වන්නත් ඕනේ.
Dual monitor වලදී ආකාර දෙකකට මොනිටරය සම්බන්ධ කරගන්න පුලුවන්. එක් ආකාරයක් තමයි  උඅපකරණයක් හරහා මොනිටර් දෙක සම්බන්ධ කරගැනීම. අනිත් ක්‍රමය තමයි ලැප් එකක් හරහා මොනිටර් දෙක සම්බන්ධ කරගන්න එක. පහළ රූපයේ ඒ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන්. 


වින්ඩෝස් 7 වලදී නම් Start button  > Control Panel > Appearance and Personalization > Adjust screen resolution වලදී පහල රූපයේ ආකාරයෙන් Multiple displays වලදී Extend these displays සැකසුම ලබාදී OK කරන්න .

Picture of drop-down list of options for Multiple displays

අනතුරුව එක් මොනිටරයක දිස් වූ Display එක කොටස් දෙකකට කැඩී විශාල වී මොනිටර් දෙකට වෙන වෙනම බෙදී යනවා. මවුසය එක් මොනිටරයක කෙලවරට ගෙන ගිය පසු අනෙක් මොනිටරයේ මවුසය දැකගන්න පුලුවන්. එවැනි සැකසුම් සකස ගැනීමට නොහැකි වන්නේ එක්කෝ VGA දෘඩාංගයේ Drivers සහය නොදක්වන අවස්ථාවලදීය. එවිට අදාල දෘඩාංගයේ වෙබ් අඩවියෙන් Drivers යාවත්කාල (Update) කර ගැනීමක් කරගන්න වෙනවා. 

වින්ඩෝස් 8 වලදී නම් Devices වලදී පහල රූපයේ ආකාරයෙන් කෙලින්ම Second Screen එක ලබාදෙන්න පුලුවන්. 


එතනදී අවස්ථාවන් 4 යටතේ අපිට Dual monitor  පහසුකම භාවිත කරන්න පුලුවන්, රූපසටහනේ එය පැහැදිලිව දක්වලා තිබෙනවා. පොජෙක්ටරයක් වැනි උපකරණයක් භාවිතා කිරීමේදී මේ සැකසුම් 4 යටතේ ඉන් එකක් බාවිතා කරන්නත් පුලුවන්. 


Dual monitor සදහා නම් මෙහි ඇති Extend යන හපසුකම සක්‍රිය කළ යුතු වෙනවා. එවිට වින්ඩෝස් 7 වල මෙන්ම දැනට තිබෙන මොනිටරය කොටස් 2 බෙදී විශාල වී අනෙත් මොනිටරයෙනුත් පෙනෙන්න පටන් ගන්නවා. මෙතනදීත් නොපෙනේ නම් Drivers යාවත්කාල (Update) කර ගැනීමක් කරගන්න වෙනවා. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive