සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 23 June 2013

CCNA® 7 - Simple Router Command 1

ප්‍රධාන Router Modes ගැනයි අපි කතා කරමින් උන්නේ. එතනදී Router Modes 3 ගැන අපි කතා කලා. ඒ එක් එක් ආකාරයන් ගැන තවදුරටත් ප්‍රායෝගික ක්‍රියාකාරම් එක්කම ඉදිරියේදී පැහැදිලි කරනවා. ඉතින් මේ Router Modes 3 ට අමතරව තවත් එක් Router Modes එකක් තිබෙනවා. ඒ තමයි ROM Monitor Mode කියන එක.




ROM Monitor Mode

මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්.


ඉතින් මේ විදියට කී Press කරපුවාම පහල රූපයේ ආකාරයෙන් රවුටරය සැකසෙනවා. පසු පාඩමකදී මේ හරහා කොහොමද අමතක වුණ මුරපදයක් නැවත recovery කරගන්නේ කියලා බලමු.


මේ ආකාරයෙන් ප්‍රධාන වටුටර් Mode 4 අදුනාගැනීමත් සමග අපිට හැකිවෙනවා මේ එක් එක් Mode එක හරහා කරන සැකසුම් වලට පිවිසෙන්න. ඉතින් අලුත්ම රවුටරයක් බාවිතා කරන මුල්ම අවස්ථාවේදී එහි කරන්න ඕනේ වෙනස්කම් කීපයක්ම තිබෙනවා. ඉන් මූලික වන්නේ එහි වේලාව වෙනස් කිරීම.  ඔන්න දැන් මතක තියාගන්න ඕනේ අපිට වෙනස් කමක් කරන්න ඕනෙ නම් මොන Mode එකේද ඉන්න ඕනේ කියලා. ඉතින් සැකසුම් සකසන්න නම් අපි යන්න ඕනේ Privilege mode එකටයි. එහෙනම් කැමති රවුටරයක් හරහා Privilege mode එකට යන්න. මේ Mode එකේ ඉදගෙන අපි පහල විධාන භාවිතා කරමු.

clock 

මේ විධානය අවසානයේ "?" ලෙසින් සටහන් කල සැනින් අපිට පුලුවන් වෙනවා වේලාව සැකසුම් සකසන කොටසට යන්න.


set 

ඉන් පසුව ඉහල විදානය ? සමග ලබාදෙන්න


clock set වලට පස්සේ hh:mm:ss ආකාරයෙන් අදාල වෙලාව ලබාදෙන්න.


ඊලගට අදාල මාසය සලකුණු කරළා ? ඔබන්න. ඊලගට දිනය ලබාදී ? එබීමෙන් පසු අදාල වර්ෂය ලබාදී ? ඔබන්න. අවසානයේ <cr> ලෙසින් සටහන් වෙන තැනට ආවාම අපි ආරම්භ කළ clock විධානය අවසන් වෙන බව ඉන් හැගවෙනවා. 


ඊලගට ආයෙමත් Enter කී එක එබීමෙන් පසු අපි මුලින පිවිසුන  Privilege mode එකට එන්න පුලුවන්. මේ විධානයන් ටික දිග වැඩි වගේ නම් කෙලින්ම එක් විධානයක් භාවිතා කරලත් මේ දේම කරගන්නත් පුලුවන්.

clock set 3:27:10 june 21 2013 

මේ ආකාරයෙන් විදානය ලබාදීලත් ඉහතින් පියවරින් පියවර කල දේ එක් වරම කරගන්නත් පුලුවන්.


ඉතින් මේ ආකාරයෙන් සැකසුම් සකසාගත්ත රවුටරයේ වෙලාව ආයෙමත් පහල විදානයෙන් හරිද කියලා බලාගන්න පුලුවන්.

show clock 


ඉතින් පැහැදිලියි නේද එක් එක් දේ කරගන්න ඊටම අදාළ විදානයක් තියෙනවා වගේම ඒ දේ කරගන්නත් අපි යන්න් ඕනේ අදාල තැනක් තියෙනවා කියලා?


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

Great work! That is the kind of information that are meant to be shared
around the net. Disgrace on the search engines for not positioning this submit higher!
Come on over and discuss with my website . Thanks =)

Look into my blog :: alta white

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive