සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday, 27 February 2017

Google Discloses An Unpatched Flaw in Internet Explorer, Edge

ඕනෑම වෙබ් අඩවියක දුර්වලතාවන් පවතින්න පුළුවන්. කිසිදු වෙබ් අඩවියක් 100%ක් ආරක්ෂිතයි කියලා කියන්න බැරි ඒ නිසයි. ඒ වගේම මෙම කථාව ඕනෑම මෘදුකාංගයකටත් එකසේම වලංගු වෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට ඇති බ්‍රවුසර් වලට එය ඉතාමත් වැදගත් කරුණක්.
ඔබ යම් වෙබ් අඩවියක් ආරක්ෂිත යැයි සිතාගෙන යම් බ්‍රවුසරයක් හරහා එයට පිවිසෙනවා. දැන් ඒ හරහා ගණුදෙනු කිරීම වැනි දේ සිදු කරනවා. වෙබ් අඩවිය ආරක්ෂිත වෙන්න පුළුවන්. නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද ඔබ භාවිතා කරන බ්‍රවුසරය ආරක්ෂිතද කියා? එහි පවතින දුර්වලතාවක් හරහා ඔබගේ ගිණුම් වල දත්ත වැනි ඉතාමත් වටිනා පුද්ගලික දත්ත ඔබටත් නොදැනීම වෙනත් පුද්ගලයන් අතට පත් වෙනවා.
මේ අනුව බලන කළ බ්‍රවුසරයේ ආරක්ෂාවත් ඉතාමත් වැදගත්. Google  සමාගම විසින් ක්‍රියාත්මක කරන The Project Zero නම් වූ වැඩසටහනේ අරමුණ වන්නේ මෙසේ බ්‍රවුසර් වල පවතින දුර්වලතා vulnerability  හදුනා ගැනීමයි.  ඒ අනුව ඊයේ දිනයේදී Microsoft’s Internet Explorer සහ Edge යන වෙබ් බ්‍රවුසර් දෙකේ පවතින ඉතාමත් අනාරක්ෂිත තත්වයන් දෙකක් සම්බන්ධයෙන් ඔවුන් විසින් වාර්ථා කළා.
ඔවුන් විසින් සොයාගත් මෙම දුර්වලතාවන් දෙක හරහා හැක් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් proof-of-concept (PoC) එකක් පවා කර එම දත්ත මයික්‍රොසොෆ්ට් ආයතනයට ලබාදී තිබුණත් මේ සදහා තවමත් patches ලබාදි නැහැ. ඒ අනුව ඔබ Microsoft’s Internet Explorer සහ Edge භාවිත කරන්නේ නම් ඔබ ඉන්නේ අනාරක්ෂිත තත්වයකයි.

එරන්ද කීර්ති දයාවංශ
Information Security Researcher and Technical Writer



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 21 February 2017

YouTube is down for everyone

YouTube වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රියත්වයක් ඇති වීඩියෝ හුවමාරු වන වෙබ් අඩවියි. ඊයේ රාත්‍රියේදී එම වෙබ් අඩවියේ පැවති දෝෂයක් හේතුවෙන් බිද වැටුනා. එහිදී පරිශීලකයන්ට 500 error දෝෂ පණිවිඩය දර්ශණය වූ අතර “500 Internal Server Error Sorry, something went wrong. A team of highly trained monkeys has been dispatched to deal with this situation” ලෙසින් දෝෂ පණිවිඩයේ විසතර දැක්වුණා.
DownDetector වෙබ් අඩවියට අනුව (DownDetector යනු ලෝකයේ ඕනෑම වෙබ් අඩවියක බිද වැටීම් වාර්ථා කරන ඉතාමත් වැදගත් වෙබ් සේවාවක්) ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර කාල සීමාව තුළදී අවස්ථා ගණනාවකදීම YouTube වෙබ් අඩවිය අක්‍රීය වී ඇති අතර මෙය හැකිං ප්‍රහාරයක් හේතුවෙන් සිදු වී ඇද්ද යන්න පිළිබදව තොරතුරු විමර්ෂණ මට්ටමේ පවතිනවා.
නැවතත් රාත්‍රී 9න් පමණ් පසුව වෙබ් අඩවිය යථා තත්වයට පත් වී තිබුණ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ගූගල් කිසිදු තොරතුරක් මේ වන තුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැති බව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 19 February 2017

Torrent Site Links Might Be Soon Banned By Google

පෞද්ගලික දත්ත සහ බුද්ධිමය දේපල සොරා ගැනීම සහ වංචනික ලෙස භාවිතා කිරීම ලෝකයේ රටවල් ගණනාවකම තහනම් වූ දෙයක්. විශේෂයෙන් බුද්ධිමය දේපල පනත වැනි දේ හරහා ශ්‍රී ලංකාවේ වුවද මෙවැනි දත්ත අවභාවිතයන් සම්බන්ධයෙන් සීමාවන් පනවා තිඛෙනවා. කෙසේ නමුත් මෙවැනි වටිනා දත්ත හුවමාරු වන ප්‍රධාන ස්ථානයක් ලෙසින් torrent වර්ගයේ වෙබ් අඩවි සදහන් කරන්න පුළුවන්. 
විශේෂයෙන් මෘදුකාංග, චිත්‍රපට වැනි දේ ඉතාමත් පහසුවෙන් මෙවැනි torrent වෙබ් අඩවි වලින් භාගත කරගත හැකියි. ගෙවුණ සතියේදී Google සමාගම විසින් torrent වර්ගයේ වෙබ් අඩවි සිය සෙවුම් යන්ත්‍රයෙන් පෙන්වීම නවත්වන බවට ප්‍රකාශ කළා.
අනතුරුව අනෙකුත් ප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රද එම කාර්යය අගය කරමින් torrent අඩවි වාරණයක් සිදු කරන බව ප්‍රකාශ කළා.
ඒ අනුව ඉදිරියේදී සාමාන්‍ය සෙවුමක් හරහා torrent අඩවි සොයා ගැනීමට නොහැකි වන තත්වයක් ඇති විය හැකියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

A New Self-Healing Malware Targets Online Shops

මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයන් විනාශකාරී වෛරස් කාණ්ඩයක් ලෙසින් ප්‍රසිද්ධයි විශේෂයෙන් මෙහෙයුම් පද්ධතියට අදාළ පද්ධති ගොනු විනාශ කිරීම හරහා පරිගණක පද්ධති වශයෙන් අඩපන කිරීමේ හැකියාව මෙම මැල්වෙයාර් සතු වෙනවා කෙසේ නමුත් ඕනෑම වෛරස් කාණ්ඩයක එය විනාශ කිරීමේ හැකියාව ඇත්තේ කෙසේද යන්න සදහන් කේත කොටසක් සොයා ගැනීම එතරම් අපහසු වන්නේ නෑ ඒ හරහායි ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණය වන්නේ මෙම යාන්ත්‍රණය හේතුවෙන් වෛරසය අඩපණ වීම සිදු වන අතර පසුව ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් එය ඉවත් කිරීම සිදු වෙයි මේ හේතුවෙන් වෛරස් නිර්මාණකරුවන්ට සිය ඉලක්කයන් සපුරා ගැනීම සදහා මහත් වෙහෙසක් දැරීමට සිදුවන අතර ගෙවුණ සතියේදී නව සොයා ගැනීමක් සිදු වුණා ඒ තමා විසින්ම තමාගේ දුර්වල කේත සටහන් නිවැරදි කරගැනීමට තරම් බුද්ධිමත් මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයක් සොයා ගැනීමයි මෙය Self-Healing ලෙසින් හදුන්වනු ලබන අතර මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන පළමු වෛරස් කාණ්ඩය බවට මෙම මැල්වෙයාර් වෛරසය පත් වෙනවා මෙම නිර්මාණය කළ හැකර්වරුන් විසින් මේ වන විට මාර්ගගත විකුණුම් වෙබ් අඩවි වලට මෙම මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසය ඇතුළත් කරමින් සිටින බවට වාර්ථා වෙනවා.





About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Friday, 17 February 2017

Yahoo Hacked Once Again! Quietly Warns Affected Users About New Attack

Yahoo! ආයතනයේ ඊමේල් සේවාවන් හැක් කර බිලියන 1කට අසන්න පරිශීලක දත්ත සොරා ගැනුනේ ගෙවුණ මාසයේදීයි. ඉන් අනතුරුව එම ආයතනය වෙනත් කළමණාකාරීත්වයක් යටතේ වෙනත් නමකින් ක්‍රියාත්මක වුවත් Yahoo!ඊමේල් සේවාවේ සහ සෙවුම් යන්ත්‍රයේ නම් වෙනස් කිරීමක් සිදු වුණේ නෑ.
අද දිනයේදී Yahoo! ඊමේල් සේවාවේ පවතින ඉතාමත් අනාරක්ෂිත දුර්වලතාවක් හරහා එම සේවාව හැක් කිරීමකට ලක් විය හැකි බවට Yahoo! සමගම විසින්ම අනතුරු ඇගවීමක් සිදු කළා.
ඒ අනුව බොහෝ දුරට එම සේවාවේ පවතින අදාළ දුර්වලතාව ඔවුන් විසින් හදුනාගෙන ඇති බවට අනුමාන කළ හැකි අතර මේ සටහන තබන් මොහොත වන විට ද යාවත්කාල වීමක් සිදුවී නොමැති බැවින් Yahoo! භාවිතා කරන්නන් පසුවන්නේ අනාරක්ෂිත තත්වයකයි.
මෙසේ දිගින් දිගටම දුර්වලතා මතුවීම හරහා Yahoo! ඊමේල් සේවාවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු මතුවන අතර බොහෝ විට එම සේවාව නවතා දැමීමට වුවද අවකාශ තිබේ.
ඔබ විසින් මුරපද සුරක්ෂිත කිරීමට ඔබගේ බ්‍රවුසරයට භාර දී ඇත්නම් එය අදම වහාම ඉවත් කර ගැනීම සුදුසු බව පෙනී යනවා. එසේ නැතිනම් "keep me logged in," හෝ  "remember me." වැනි දේවල් භාවිතා කිරීමෙන් වැලකී සිටීම ඉතාමත් wවැදගත්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Monday, 30 January 2017

Ransomware Hijacks Hotel Smart Keys to Lock Guests Out of their Rooms

රෑන්සම්වෙයාර්... 
ඔබගේ වටිනා දත්ත ඇතුළත් ගොනුවක පිටපතක් වෙනත් තැනක සුරක්ෂිතව තබා නොගතහොත් ඔබව කරදරයට පත් කරන්නට සමත් වෛරසයක්. ඉතාමත් වැදගත් දත්ත සහිත ගොනුවක් උදාහරණයක් ලෙසින් රෝගියෙකුගේ සැත්කමකට අදාළ දත්ත වාර්ථා සහිත MS Word ගොනුවක් අගුළු ලා එම අගුළ ඇරීමට නම් මුදල් ලබා දිය යුතුයි බල කරන වෛරසයක්.. 
මේ සියල්ලේම සම්පිණ්ඩයක් ලෙසින් රෑන්සම්වෙයාර් හැදින්විය හැකිය.පොදුවේ ගත් කළ මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් වෛරස් නිර්මාණකරුවන් සහ හැකර්වරුන් විසින් නිර්මාණය කළ 21 වැනි සියවසේ දක්නට ඇති විනාශකාරීම පරිගණක වෛරස් කාණ්ඩයක්. මේ කෙසේ හැදින්වුවද රෑන්සම්වෙයාර් ප්‍රහාරයකදී ඔබ එයින් බේරීමට නම් හෝ ඔබගේ දත්ත ගොනු නැවත ලබාදීමට නම් ඔබට මුදල් ගෙවීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. 
පසුගිය කාලයේ අහිංසක රෝගීන්ගේ ජීවිත ඉලක්ක කර ගනිමින් රෝහල් ජාලයන් වෙත රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල වුණා. අද දිනයේදී තවත් සුවිශේෂී ප්‍රහාරක දැකගත හැකි වුණා. 
මෙය සිදු වූයේ ඉතාලියේදීයි. Romantik Seehotel Jäegerwirt නම් වූ තරු පන්තියේ හෝටලය අද දින රෑන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක් වුණා. එහිදී හැකර්වරුන් විසින් එම හෝටලයේ කාමර වලට සවිකර තිබූ අධිතාක්ෂණික අගුළු වල ඇති රහස්‍ය කේත ඇතුළත් දත්ත ගබඩාවකට රෑන්සම්වෙයාර් ප්‍රහාරය එල්ල කළ අතර එයින් එම හෝටලයේ කිසිදු කාමරයක දොරවල් ඇර ගැනීමේ හැකියාවක් නැති වුණා. ඒ අනුව සිය ගණනක් වූ පාරිභෝගිකයන්ට තමන්ගේ හෝටල් කාමරය තුළට වී අද උදේ වරුව ගෙවා දැමීමට සිදුවූ අතර Bitcoin මුදල් ඒකක 1600 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 175000ක් ) පමණ ගෙවීමෙන් අනතුරුව හැකර්වරුන් විසින් අදාළ රහස් කේත සහිත දත්ත ගබඩාව භාවිතා කළ හැකි තත්වයට පත් කළා. 
මේ අනුව බලන කළ රෑන්සම්වෙයාර් ප්‍රහාරයන්ට කවුරුන් ඉලක්ක වේ දැයි කිසිවෙකුටත් කලින් සිතාගත නොහැකි අළුත සංකල්පයක් බව නම් පැහැදිලියි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Facebook Launches “Security Key” Feature to Protect User Accounts

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි. 
වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ. ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින් භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා.
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි.
ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා.
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා.
දැනට Chrome සහ Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි. එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 24 January 2017

US Makes HTTPS Mandatory for All Websites

වෙබ් අඩවියක් තාක්ෂණික අතින් ආරක්ෂිත වීමට නම් එය HTTPS ආකාරයෙන් පැවතිය යුතු බව ඔබ සැම දන්නා කරුණක්.නමුත් ලෝකයේ පරිශීලනය කරන වෙබ් අඩවි වලින් 60%ක් මෙම් මූලික අවශ්‍යතාව සපුරා නොමැති බවයි සංගණන වාර්ථාවන් පෙන්නුම් කරන්නේ.
විවිධ රටවල් සිය රට නියෝජනය කරන වෙබ් අඩවි වලට HTTPS ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීම අනිවර්‍යය කිරීමට උත්සාහ කළත් එය එතරම් සාර්ථක නොවූයේ විවිධ පුද්ගලික ආයතන සහ පුද්ගලයන් වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා කරන විවිධාකාර වූ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් හේතුවෙන්.
කෙසේ නමුත් ඇමරිකානු රජය විසින් HTTPS භාවිතය අනිවාර්‍ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙර පැවති ඔබාමා පාලන සමයේදී ගත් තීරණයක් මත සියළුම රාජ්‍ය වෙබ් අඩවි HTTPS ආරක්ෂිත ක්‍රමවේදය වෙත මාරු කිරීම සදහා මේ වසරේ ජනවාරි 1 වෙනිදා දක්වා කාලය ලබාදී තිබුණා.
නමුත් එය එතරම් සාර්ථක ක්‍රියාවලියක් බවට පත් වුණේ නෑ. නමුත් ට්‍රම්ස්ගේ නව රජය බලයට පත්වීමත් සමග ඔහු විසින් හැකර්වරුන් 100000ක් නිර්මාණය කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් ක්‍රියාවට නැංවූ අතර ඊයේ දිනයේදී HTTPS භාවිතා කිරීම අනිවාර්‍යය කරනු ලැබුවා.
මේ අනුව ඇමරිකානු රජයේ සහ පෞද්ගලික අංශයේදී වෙනත් රටවල් වලින් ඇමෙරිකානු සර්වර් පරිගණක වල රදවා ඇති වෙබ් අඩවි වලට පවා මෙසේ HTTPS ආරක්ෂිත සැකසුම් යෙදීම අනිවාර්‍යය වෙනවා.


කෙසේ නමුත් මෙවැනි ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරීම තාක්ෂණික අතින් එතරම් අපහසු කරුණක් නොවේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික වෙබ් අඩවි වලටද HTTPS අනිවාර්‍ය කිරීම වැනි තීරණයක් ගැනීමට ඩිජිටල් සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමාගේ අවධානය යොමුවන්නේ නම් මින් පෙර සිදුවූ රාජ්‍ය වෙබ් අඩවි හැක් වීම වැනි දේ ඉදිරියට සිදුවීම වලක්වාගත හැකි වනු ඇත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 22 January 2017

Popular Horse Racing Website in India Hacked with Dharma Ransomware

රෑන්සම්වෙයා ලෝකයට බලවත් තර්ජනයක් එල්ල කරමින් තිබෙන බව පෙනී යන්නේ ඔවුන් විසින් එල්ල කරනු ලබන ඉලක්කගත ප්‍රහාරයන් වලදී සිදුවන හානිය ඉතාමත් අධික වීම හේතුවෙනුයි.
ගෙවුණ වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේම වඩාත් ප්‍රභල රෑන්සම්වෙයා ගණනාවක්ම සොයා ගැනුනා. ඊයේ දිනයේදී තවත් සුවිශේෂී රෑන්සම්වෙයා ප්‍රහාරයක් අපගේ අසල්වැසි රටින් වාර්ථා වෙනවා.
මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අශ්ව රේස් සිදු කරන සමාගමක්. Racingpulse මෙම සමාගම ඉන්දියාවේ සියළුම අශ්ව රේස් කටයුතු වල ක්‍රියාකාරමක් පාලනය කරන ඒකාධිකාරයක් ලෙසිනුයි පවතින්නේ.
එම ආයතනයට එල්ල කළ රෑන්සම්වෙයා ප්‍රහාරයට යොදා ගත් වෛරසය නම් කර ඇත්තේ ධර්ම (Dharma)නමිනුයි. ඔවුන් විසින් මෙය භාවිතා කර අදාළ වෙබ් අඩවි සියල්ලේම දත්ත encrypt කර තිබෙනවා.

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 18 January 2017

Super Cell got hacked!! 1.1 Million accounts stolen!! Clash of clans isn’t safe anymore


අපි කවුරුත් පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා වලට එක ඒ ඇළුම් කරනවා. එයට බාල මහළු බේදයක් නැහැ. පළමු පරිගණක ක්‍රීඩාව නිර්මාණය වන්නේ 1980 තරම් ඈත කාලයේදී වන අතර එය එතරම් ප්‍රියමනාප මට්ටමක නොතිබූ සරළ පරිගණක ක්‍රීඩාවක්.
තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ අංග සංවර්ධන වීමෙන් වඩාත් තාත්වික චලනයන් සහිත පරිගණක ක්‍රීඩාවන් දැකගත හැකි වෙනවා.
ෆේස්බුක් හරහා ක්‍රීඩා කළ හැකි ආකාරයෙන් මෙම ක්‍රීඩාවන් දියුණු වන්නේ 2005න් පමණ පසුවයි. තනිව හෝ කණ්ඩායම් වශයෙන් එක්වී ක්‍රීඩා කළ හැකි මෙම ෆේස්බුක් ක්‍රීඩාවන් අද වන විට විශාල ප්‍රමාණයක් දැකගත හැකියි.
ෆේස්බුක් හරහා වැවීම කාලයක් ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණා. Barn Buddy වැනි ක්‍රීඩාවන් බිහිවන්නේ මේ වැවීමෙ උම්මාදය හේතුවෙන්. නමුත් මෑතකදී එම උම්මාදය වැවීමෙන් ඈත් වී ජනපද පිහිටුවීම සහ සාමූහික සටන් වැනි දේට යොමු වුණ.
විශේෂයෙන් රාජධානි ගොඩ නැංවීම වැනි දේ ප්‍රමුඛ වුණ අතර Clash of clans නම් වූ ක්‍රීඩාව මේ හරහා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ජනප්‍රිය වුණා.
Clash of clans මීට සුළු මොහොතකට පෙර හැක් කර එය භාවිතා කරන පරිශීලකයන් ආසන්න වශයෙන් මිලියන 1.1කගේ පමණ දත්ත සොරාගෙන තිබෙනවා.
එම ක්‍රීඩාව් සදහා පිවිසීමට භාවිතා වන්නේද ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපදයම වන බැවින් මේ වන විට ඔබත් Clash of clans ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ඔබගේ ෆේස්බුක් ගිණුම ඇත්තේ අනතුරක.
ඒ නිසා හැකි ඉක්මණින් ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපද මාරු කරගන්නා ලෙස මෙසේ ඔබව දැනුවත් කරනවා.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers