සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 17 February 2017

Yahoo Hacked Once Again! Quietly Warns Affected Users About New Attack

Yahoo! ආයතනයේ ඊමේල් සේවාවන් හැක් කර බිලියන 1කට අසන්න පරිශීලක දත්ත සොරා ගැනුනේ ගෙවුණ මාසයේදීයි. ඉන් අනතුරුව එම ආයතනය වෙනත් කළමණාකාරීත්වයක් යටතේ වෙනත් නමකින් ක්‍රියාත්මක වුවත් Yahoo!ඊමේල් සේවාවේ සහ සෙවුම් යන්ත්‍රයේ නම් වෙනස් කිරීමක් සිදු වුණේ නෑ.
අද දිනයේදී Yahoo! ඊමේල් සේවාවේ පවතින ඉතාමත් අනාරක්ෂිත දුර්වලතාවක් හරහා එම සේවාව හැක් කිරීමකට ලක් විය හැකි බවට Yahoo! සමගම විසින්ම අනතුරු ඇගවීමක් සිදු කළා.
ඒ අනුව බොහෝ දුරට එම සේවාවේ පවතින අදාළ දුර්වලතාව ඔවුන් විසින් හදුනාගෙන ඇති බවට අනුමාන කළ හැකි අතර මේ සටහන තබන් මොහොත වන විට ද යාවත්කාල වීමක් සිදුවී නොමැති බැවින් Yahoo! භාවිතා කරන්නන් පසුවන්නේ අනාරක්ෂිත තත්වයකයි.
මෙසේ දිගින් දිගටම දුර්වලතා මතුවීම හරහා Yahoo! ඊමේල් සේවාවේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු මතුවන අතර බොහෝ විට එම සේවාව නවතා දැමීමට වුවද අවකාශ තිබේ.
ඔබ විසින් මුරපද සුරක්ෂිත කිරීමට ඔබගේ බ්‍රවුසරයට භාර දී ඇත්නම් එය අදම වහාම ඉවත් කර ගැනීම සුදුසු බව පෙනී යනවා. එසේ නැතිනම් "keep me logged in," හෝ  "remember me." වැනි දේවල් භාවිතා කිරීමෙන් වැලකී සිටීම ඉතාමත් wවැදගත්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers