සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 30 January 2017

Ransomware Hijacks Hotel Smart Keys to Lock Guests Out of their Rooms

රෑන්සම්වෙයාර්... 
ඔබගේ වටිනා දත්ත ඇතුළත් ගොනුවක පිටපතක් වෙනත් තැනක සුරක්ෂිතව තබා නොගතහොත් ඔබව කරදරයට පත් කරන්නට සමත් වෛරසයක්. ඉතාමත් වැදගත් දත්ත සහිත ගොනුවක් උදාහරණයක් ලෙසින් රෝගියෙකුගේ සැත්කමකට අදාළ දත්ත වාර්ථා සහිත MS Word ගොනුවක් අගුළු ලා එම අගුළ ඇරීමට නම් මුදල් ලබා දිය යුතුයි බල කරන වෛරසයක්.. 
මේ සියල්ලේම සම්පිණ්ඩයක් ලෙසින් රෑන්සම්වෙයාර් හැදින්විය හැකිය.පොදුවේ ගත් කළ මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් වෛරස් නිර්මාණකරුවන් සහ හැකර්වරුන් විසින් නිර්මාණය කළ 21 වැනි සියවසේ දක්නට ඇති විනාශකාරීම පරිගණක වෛරස් කාණ්ඩයක්. මේ කෙසේ හැදින්වුවද රෑන්සම්වෙයාර් ප්‍රහාරයකදී ඔබ එයින් බේරීමට නම් හෝ ඔබගේ දත්ත ගොනු නැවත ලබාදීමට නම් ඔබට මුදල් ගෙවීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. 
පසුගිය කාලයේ අහිංසක රෝගීන්ගේ ජීවිත ඉලක්ක කර ගනිමින් රෝහල් ජාලයන් වෙත රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල වුණා. අද දිනයේදී තවත් සුවිශේෂී ප්‍රහාරක දැකගත හැකි වුණා. 
මෙය සිදු වූයේ ඉතාලියේදීයි. Romantik Seehotel Jäegerwirt නම් වූ තරු පන්තියේ හෝටලය අද දින රෑන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක් වුණා. එහිදී හැකර්වරුන් විසින් එම හෝටලයේ කාමර වලට සවිකර තිබූ අධිතාක්ෂණික අගුළු වල ඇති රහස්‍ය කේත ඇතුළත් දත්ත ගබඩාවකට රෑන්සම්වෙයාර් ප්‍රහාරය එල්ල කළ අතර එයින් එම හෝටලයේ කිසිදු කාමරයක දොරවල් ඇර ගැනීමේ හැකියාවක් නැති වුණා. ඒ අනුව සිය ගණනක් වූ පාරිභෝගිකයන්ට තමන්ගේ හෝටල් කාමරය තුළට වී අද උදේ වරුව ගෙවා දැමීමට සිදුවූ අතර Bitcoin මුදල් ඒකක 1600 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 175000ක් ) පමණ ගෙවීමෙන් අනතුරුව හැකර්වරුන් විසින් අදාළ රහස් කේත සහිත දත්ත ගබඩාව භාවිතා කළ හැකි තත්වයට පත් කළා. 
මේ අනුව බලන කළ රෑන්සම්වෙයාර් ප්‍රහාරයන්ට කවුරුන් ඉලක්ක වේ දැයි කිසිවෙකුටත් කලින් සිතාගත නොහැකි අළුත සංකල්පයක් බව නම් පැහැදිලියි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive