සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 2 January 2017

Bitcoin Price Jumps Above $1000 For First Time In last 3-Years

ඔබ භාවිතා කරන්නේ සමස්ථ අන්තර්ජාල වෙබ් අඩවි ප්‍රමාණයෙන් 4%ක් පමණක් බව ඔබ දන්නවාද? බොහොමයක් දෙනා මේබව දන්නේ නැහැ. ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි වෙබ් අඩවි අන්තර්ජාලයයි යැයි සිතා සිටිනා බොහෝ පිරිසක් මට මාගේ වෘත්තීය ජීවිතයේදී මුණ ගැහිලා තියෙනවා. 
කෙසේ නමුත් අන්තර්ජාලයෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය භාවිතයේ නොමැති බව කිව යුතුයි. එම සාමාන්‍ය භාවිතයේ නොමැති 96%ක් පමණ වූ ප්‍රමාණය භාවිතා කිරීම සදහා විශේෂයෙන් සැකසූ බ්‍රවුසරයින් අවශ්‍ය වන අතර TOR වැනි බ්‍රවුසරයන් ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකියි.
ඉතින් මේ සටහන තබන්නට හේතුවුණේ මේ 96%ක් වූ වෙබ් අඩවි හරහා සිදු කරන ගණුදෙනු වලදී භාවිතයට ගන්නා Bitcoin මුදල් ඒකය සම්බන්ධයෙන් විශේෂ කරුණක් සදහන් කිරීමටයි.
ශ්‍රී ලංකා රුපියල් මෙන් අන්තර්ජාලයේ අදුරු කොටසේදී භාවිතා වන ප්‍රසිද්ධම මුදල් ඒකය වන්නේ Bitcoin නම් වන මුදල් ඒකකයයි. මෙම විශේෂ කරුණ වන්නේ 2013 නොවැම්බර් මාසයෙන් පසුව මෙම Bitcoin මුදල් ඒකකය 2017 නව වසර උදාවත් සමගම ඇමෙරිකානු ඩොලර් 1000 සීමාව ඉක්මවා යාමයි.
එනම් Bitcoin 1ක් මිළදී ගැනීම සදහා ඔබ ඇමෙරිකානු ඩොලර් 1000ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවිය යුතුයි යන්නයි.
එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 149714 (එක්ලක්ෂ පනස් දහස්ක් පමණ) වෙනවා. ඉතින් මෙම ප්‍රවණතාවය ඉදිරියේදී ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් සිදු කරන ඇති බවයි මගේ විශ්වාසය. ඊට හේතුව ඔබ පිළිගත්තා හෝ නොගත්තා ලෝකයේ සිදුවන නීත්‍යානුකූල නොවන ගනුදෙනු වලිනි 75%ක්ම සිදුවන්නා අන්තර්ජාලයේ අදුරු කොටස භාවිතා කිරීමෙනුයි. එනම් ගනුදෙනු සිදුවන්නේ Bitcoin මුදල් ඒකකය හරහායි.
බොහොමයක් මෙවැනි ගනුදෙනු සිදුවන්නේ චීනය සහ පාකිස්ථානය වැනි රටවල් මුල් කරගෙන වන අතර මෙම සටහන තබන මොහොත වන විට ආසන්න වශයෙන් Bitcoin මිලියන 5ක් පමණ හුවමාරු වී ඇති බවයි පෙනී යන්නේ. (ආසන්න වශයෙන් රුපියල් 748574713 ක් - මිලියන 74ක්) ඒ අද දවස තුළ වාර්ථාගත දත්ත අනුවයි. වාර්ථා ගත නොවන දත්ත තව් කෙතරම් ඇතිද?
මෙසේ බලන කළ Bitcoin යනු ඉදිරියේදී ලෝකයේ වෙනස් කළ හැකි මාතෘකාවක් වනවාට නිසැකයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive