සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 4 January 2017

This is probably the biggest Windows Blue Screen of Death ever seen

නිල් තිර දෝෂ පණිවිඩ එහෙම නැතිනම් Blue Screen Error වලට මුහුණ දුන් අය ඇති කටුක බව හා විසදා ගැනීමේදී දැරිය යුතු වෙහෙස පිලිබද හොදින් දන්නවා.
නිල් එහෙම නැතිනම් “Blue” කියන්නේ බොහෝ දෙනා ආසා කරන ලස්සන පාටක්. නමුත් පරිගණක දෘඩාංග සම්බ්න්ද වැඩ කරන අයට නම් නිල් කියන්නේ එපා කරපු පාටක්. මොකද “blue screen error” එහෙම නැතිනම් “blue screen of death (BSOD)” ස්ක්‍රීනය එන්නෙම නිල් පාටින්.
බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ වලදී පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීමක් දකින්න ලැබෙනවා. ඉතින් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම නවතාලන්න සැකසුම් සකස් කල හැකියි.  මුලින්ම “computer” හෝ  “my computer” රයිට් ක්ලික් කර “properties” ගන්න. ඉන්පසුව “advanced system settings” තෝරන්න. සමහර විටදී මෙයට ඇතුලු වෙන්න අවසර ඉල්ලයි. “yes” දෙන්න. ඉන්පසුව “advanced” වලදී “settings” තෝරන්න. එහිදී  “startup and recovery option” කියන එක විවෘත කර “automatically restart” කියන එක් ටික් වෙලා තියනවා නම් එය ඉවත් කරන්න. ඊලගට  OK කරන්න. මේ ක්‍රියාකාරකමෙන් පසුව නිල් තිර දෝෂ පණිවිඩ  ලැබීම සිදු උවත් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම් නවතිනවා.
ඒ කිවුවේ BSOD වලින් බේරෙන හැටි. මේ කියන්න යන්නේ ලෝකයේ විශාලතම BSOD දෝෂ පණිවිඩය ගැන කියන්නයි.
තායිලන්තයේ පතායා ප්‍රදේශයේ තිබූ වීඩියෝ වෝල් එකකට භාවිතා කර තිබුණේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. එහි USB දෘඩාංග වල පැවති දෝෂයක් හේතුවෙන් නිල් තිර දෝෂ පණිවිඩයක් දර්ශනය  වුණා.මෙම වීඩියෝ වෝල් එක අඩි 50ක් පමණ උස බැවින් ලෝකයේ මෙතක් වාර්ථා වූ විශාලතම නිල් තිර දෝෂ පණිවිඩය මෙය බව නිසැකයි.
එසේම මෙතෙක් කළක් පැවති නිල් පැහැය ඉවත් කර එයට කොළ පැහැයක් එක් කරමින් Green Screen of Death වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණය සදහා එක් කර ඇති බවද ඔබට සදහන් කළ යුතුයි. ඉතින් මින් මතුවට නිල් තිර දෝෂ පණිවිඩ නැති බවත් ඇත්තේ කොළ තිර දෝෂ පණිවිඩ බවත් සදහන් කළ යුතුයි.

එරන්ද කීර්ති දයාවංශ
Information Security Researcher and Technical Writer


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive